දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ප්‍රසන්න රණතුංගගේ කප්පම් නඩුව මහාධිකරණයට.

ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට සහ එම ඉඩම ගොඩ කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන හැට හතරක කප්පමක් ඉල්ලා සිටීමේ සිද්ධිය සම්...


ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට සහ එම ඉඩම ගොඩ කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන හැට හතරක කප්පමක් ඉල්ලා සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග ඇතුළු හතරදෙනකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව මහාධිකරණය වෙත යොමුකර ඇති හෙයින් මින් ඉදිරියට මහාධිකරණයේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විත්තිකරුවන්ට නියෝග කර තිබේ.

හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිය මොරින් ස්ටෙලා රණතුංග, ක්‍රිස්ටීන් ශිවන්ති වනිගසේකර, නරේශ් ෆාරික් කුමාර් මෙහි විත්තිකරුවන් ලෙස නම්කර තිබිණි.

මොරටුව උයන පාරේ අංක 66/12 පදිංචි ශෙහාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයකුට මීතොටමුල්ල පාරේ අංක 251/9 දරන ස්ථානයේ පිහිටි අක්කර දෙකක ඉඩමක් බහාලුම් පර්යන්තයක් සහ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා කුලී පදනම මත බස්නාහිර පළාත් සභාවට ලබාදීමට සහ එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කර ගොඩකිරීම සඳහා මිලියන හැට හතරක මුදලක් ඉල්ලා මිලියන පහළොවක මුදලක් ලබාගත් බවට පැමිණිල්ලේ සඳහන්ව ඇත. 

මේ මුදල ලැබෙන බව සනාථ කිරීම සඳහා ගිවිසුමක් අස්සන් කර ඇති අතර එක් පාර්ශ්වයක් සඳහා ප්‍රසන්න රණතුංගගේ බිරිය මොරින් ස්ටෙලා රණතුංග, ඇයගේ සහෝදරියගේ පුතාගේ බිරිය වන ක්‍රිස්ටීන් ශිවන්ති වනිගසේකර, ඉඩමේ මුල් අයිතිකරු අජිත් ස්වර්ණප්‍රිය යන අය අස්සන් කර ඇති අතර අනෙක් පාර්ශ්වය වෙනුවෙන් පැමිණිලිකරු වන ශෙහාඩ් මෙන්ඩිස් අස්සන් කර ඇති බව පැමිණිල්ලෙන් කියැවිණි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රසන්න රණතුංගගේ කප්පම් නඩුව මහාධිකරණයට.
ප්‍රසන්න රණතුංගගේ කප්පම් නඩුව මහාධිකරණයට.
http://ift.tt/2aIBijf
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_653.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_653.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy