මහනුවර හන්තාන ප්‍රදේශයේ මානව හා නායකත්ව විද්‍යාපීඨය නමින් පවත්වාගෙන ගිය නේවාසික පාඨමාලාවකට සහභාගි වි සිටි දැරියන් පිරිසක් ලිංගික අපයෝජනයට ...
මහනුවර හන්තාන ප්‍රදේශයේ මානව හා නායකත්ව විද්‍යාපීඨය නමින් පවත්වාගෙන ගිය නේවාසික පාඨමාලාවකට සහභාගි වි සිටි දැරියන් පිරිසක් ලිංගික අපයෝජනයට ලක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර ව්‍යාපාරික නිමල් පීරිස් මහතා අගෝස්තු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (11) නියෝග කළේය.
මෙම සිද්ධියට සැකපිට මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයේෂා බණ්ඩාර මහත්මිය විසින් පසුගියදා අත්අඩංගුවට ගත් චන්දිමාල් ගමගේ නමැත්තා මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ අතර මේ වනවිට ඔහු ද රිමාන්ඩ් භාරයේ පසුවේ.
COMMENTS