දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොටහේන එකම පවුලේ තිදෙනාගේ මරණ වස පෙවිලාද වස කවලාද?
Homeගොසිප්

කොටහේන එකම පවුලේ තිදෙනාගේ මරණ වස පෙවිලාද වස කවලාද?

PropellerAds

කොටහේන එකම පවුලේ තිදෙනාගේ මරණ වස පෙවිලාද වස කවලාද? තවම අභිරහසක් කොටහේන ශාන්ත බෙනඩික් වීදියේ නිවසක උඩුමහළේ කුලියට පදිංචිව සිටි ව්‍යාපා...

පැරණි ජේම්ස් බොන්ඩ් නළු රොජර් මුවර් පිළිකාවකින් මරුට
පන්නිපිටියේ බස් හෝල්ට් එකේදී ඔෆීස් තරුණියක බස් එකක හැපුණ හැටි CCTV
මලු පටවගෙන රවී පිටවෙලා (බදාදා කාටූන්)

කොටහේන එකම පවුලේ තිදෙනාගේ මරණ
වස පෙවිලාද වස කවලාද?

තවම අභිරහසක්


කොටහේන ශාන්ත බෙනඩික් වීදියේ නිවසක උඩුමහළේ කුලියට පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකු ඔහුගේ දුව හා පුතා ඊයේ දහවල් වස ශරීරගතවී මියගොස් සිටියදී හමුවී තිබුණි. අධික ණය බරින් ජීවත්වූ බව කියන මෙම ව්‍යාපාරිකයා දරුවන්ට වස පොවා මරාගෙන මැරුණාද නැතහොත් පිටතින් ගෙනා උදේ කෑම හෝ බීම විසවීමක් නිසා මියගියාද යන්න තවමත් අභිරහසක්ව පවතී.
සිංගප්පූරුවේ සිට ලංකාවට ජංගම දුරකථන ගෙන්වා අලෙවි කරන
සාප්පුවක් පවත්වාගෙන ගිය මෙම ව්‍යාපාරිකයාට ශාන්ත බෙනඩික් වීදියේ නිවාසයක්ද
හිමිව තිබුණ නමුත් ඔහු පසුගිය කාලයේ වංචනිකයෙකුට හසුවී මූල්‍ය දුෂ්කරතාවයකට ලක්ව තිබීම නිසා එම නිවසද බද්දට දී අසළ නිවසක කුලියට පදිංචිව සිටියේය. ඔහුගේ ව්‍යාපාරික සහකරු ඔහුගෙන් රුපියල් ලක්ෂ 40ක් ලබාගෙන සිංගප්පූරුවට ගොස් එන බව පවසා අතුරුදන්වීම නිසා ඔහු ආර්ථිකව මෙන්ම මානසිකවද ඇදවැටී සිට ඇත.
ඊයේ උදෑසන මෙම නිවසේ ව්‍යාපාරිකයාගේ බිරියද සිටි අතර ඇය කොටහේන දෙමළ මහා විද්‍යාලයේ දෙමාපිය රැස්වීමකට ගොස් එන්නට ගිය කාලය අතරතුර මෙම මරණ වාර්තාවීම විශේෂිතය. මියගිය එම පවුලේ 9 හැවිරිදි බාල පුතු හෙට (21) දින පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටීමට සිටි නිසා එම විදුහලේ දෙමාපිය රැස්වීමක් කැඳවා තිබුණි. ඒ සඳහා ඇය උදේ පාන්දර 7 ට පමණ නිවසින් පිටත්ව ගොස් සිටි අතර ඇය නිවසින් පිටත්ව එන අවස්ථාවේ ව්‍යාපාරික සැමියා දුව සහ පුතා තිදෙනාම නිදාගෙන සිටි බවත් සැමියා ඇහැරවා යන බව දන්වා ඇති බවත් පැවසුණා. උදේ කෑම පිටතින් රැගෙන විත් කන බව ඔහු එම අවස්ථාවේ දැන්වූ බවත් ඇය කියා සිටී.
අනතුරුව දෙමාපිය රැස්වීම පැවැත්වෙද්දී තමාට නිවසින් ඇමතුමක් ලැබුණ බව පවසන එම කාන්තාව කියා සිටියේ අනෙක් පසින් පොඩි පුතා කථා කළ බවත් හරිහැටි කියූ දේ පැහැදිලිව ඇසුනේ නැති බවත්ය. ඒ නිසා තමා ඉක්මණින් ගෙදර එන බව කියා දුරකථනය තැබූ බවත් ඇය කියයි.
ඇය දහවල් 11 ට පමණ යළි නිවසට එන අවස්ථාවේ උඩු මහළට නගින තරප්පු පෙළේ සිය දියණිය ක්ලාන්තව ඇදවැටී සිටි බවත් ඇයව ඔසවාගෙන නිවසට යද්දී නිවසේ සිය සැමියා සහ පුතුද සිහිසුන්ව සිටි බවත් ඇය කියා සිටී. අසල්වාසීන්ගේද උදව් ඉල්ලා කෑ ගසා
එම තිදෙනාම රෝහල් ගත කරන්නට පසුව ඇය කටයුතු කළා. සැමියා සහ දියණිය රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි අතර පුත‍්‍රයා මියගොස් ඇත්තේ රෝහල තුළදීය. නමුත් දැඩි අපහසුතාවයෙන් සිටි එම පුත‍්‍රයාට මියයනතුරු කිසිවක් කථාකරගන්නට බැරිව සිටි බව පැවසුණා.
නිවස පරීක්ෂා කළ පොලිසියට නිවස ඇතුළේ පානය කළ කිරි පැකට් දෙකක් අඩක් කා ඉතිරිවූ කෑම පාර්සලයක් හා හිස්වූ වතුර ජෝග්ගු දෙකක් සොයාගන්නට හැකි විය.
මොවුන්ගේ සිරුරු වලට විෂ ඇතුළුවූයේ කිරි පැකට් එකින්ද කෑම පාර්සලයෙන්ද යන්න ගැන පරීක්ෂණ තවම අවසන් කර නැත. කෑම විසවීමෙන් පසු මියගිය අය අධික ලෙස වතුර පානය කර ඇති බව නීරීක්ෂණය වී තිබේ.
මියගොස් ඇත්තේ 46 හැවිරිදි ජේසුදාසන් නමැති ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ 11 හැවිරිදි කදර්ශනී නමැති දියණිය හා 9 හැවිරිදි කවීන්ද්‍රන් නමැති පුත‍්‍රයාය.
කෑම වල විසක් තිබී ඔවුන් මියගියාද නැතහොත් ව්‍යාපාරිකයා හිතාමතා දරුවන්වත් මරාගෙන මියයන්නට කෑමට වස කවලම් කර ලබාදුන්නාද යන්න තවම පැහැදිලි නැත.
බිරිය පවසන්නේ ව්‍යාපාරිකයාට ප‍්‍රශ්න තිබුණත් එබඳු දෙයක් කරගන්නට සූදානමක් නොතිබූ බවකි. ඔවුන් එම නිවසේ සාමකාමීව වාසය කර ඇති බවද පොලිසිය අසල්වාසීන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී හෙළිව තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කොටහේන පොලිසිය සිදු කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොටහේන එකම පවුලේ තිදෙනාගේ මරණ වස පෙවිලාද වස කවලාද?
කොටහේන එකම පවුලේ තිදෙනාගේ මරණ වස පෙවිලාද වස කවලාද?
http://ift.tt/2bupp2D
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_436.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_436.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy