තමන් පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය සමග පැවැත්වූ ගණුදෙනු නතර කළ බවත් මින් ඉදිරියට ඔවුන් සමග කිසිඳු ගනුදෙනුවක් නොපවත්...
තමන් පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය සමග පැවැත්වූ ගණුදෙනු නතර කළ බවත් මින් ඉදිරියට ඔවුන් සමග කිසිඳු ගනුදෙනුවක් නොපවත්වන බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
ආචාර්යවරයා සිය මුහුණුපොතේ මේ බව සටහන් කර ඇති අතර එහි සඳහන් වන්නේ "පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය සමග මින්පසු මගේ කිසිදු ගණුදෙණුවක් නැත" යනුවෙනි.
දේවසිරි මහතාගේ එම තීරණය සම්බන්ධයෙන් ඒ මහතාගේ මුහුණු පොතේ ගොඩනැගෙන සංවාදය අනුව පිළිබිඹු වන්නේ පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය, මුදලට වෛද්‍ය උපාධිය පිරිණමන මාළමේ සයිටම් පෞද්ගලික ආයතනයට පක්ෂව මතයක් ගොඩනගමින් පැවතීමට විරෝධය දක්වමින් මෙසේ ඉවත්ව ඇති බවය.
COMMENTS