දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අවසානයේදී ඩිල්ෂාන් කතා කරයි.

දකුණු අප්‍රිකානු සංචාරයේ නායකත්වය දැරීමෙන් පසු තමන් නායකත්වයෙන් ඉවත් කිරීම පිළිබඳ දුකක් දැනුණු බවත්, තමා නායකත්වය දැරූ කාලසීමාවේදී කණ්ඩායම...


දකුණු අප්‍රිකානු සංචාරයේ නායකත්වය දැරීමෙන් පසු තමන් නායකත්වයෙන් ඉවත් කිරීම පිළිබඳ දුකක් දැනුණු බවත්, තමා නායකත්වය දැරූ කාලසීමාවේදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් මෙන්ම පුහුණුකරුවන්ගෙන් සහායක් නොලැබුණු බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මෙන්ම හිටපු එක්දින ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පැවසීය.

දඹුල්ලේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් පසු මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

 "දුකක් දැනුණා (නායකත්වයෙන් ඉවත් කිරීම ගැන). මං ඒ සංචාරයේ (දකුණු අප්‍රිකා සංචාරය) සෑහෙන හොඳින් ක්‍රීඩා කළා. මම ඒ අවුරුද්දෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරලා තියෙන්නෙ මගේ නායකත්වයෙන්. එක්දින තරගාවලියේ වැස්ස නිසා එක් තරගයක් ලකුණු පහකින් පැරදුණා. නැත්නම් ඒ තරගාවලිය 3-2 ක් ලෙස දිනන්න තිබුණා.

ඒ හැම දෙයක්ම පැත්තකට දාලා මම ඔස්ට්‍රේලියාවට ගියා. ලකුණු 500ක් ගහුවා. තරගාවලියේ වීරයා වුණා. මට ප්‍රශ්නයක් නෑ කවුද නායකයා, කවුද මාව අයින් කළේ කියලා. මම හැමවෙලාවෙම ක්‍රීඩා කළේ රටට. සෑහෙන්න දුකක් දැනුණා.  නායකයෙක් හිටියෙ නෑ නායකත්වය කරන්න. ඔක්කොම අයින් වුණා. එංගලන්තයේදී ඇඟිල්ල කැඩුණට පස්සෙ හිටපු නායකයන්ට කීවා නායකත්වය කරන්න කියලා, බෑ කිවුවා.

ඊටපස්සෙ මම සනත්ට හරි කණ්ඩම්බිට හරි කිවුවට පස්සෙ තමයි නායකත්වය කරන්න ක්‍රීඩකයෙක් ඉදිරිපත් වුණේ. එච්චර ප්‍රශ්න තියාගෙනයි මම ආවේ. ඒ ප්‍රශ්න දැන් කියලා වැඩක් නෑ. උඩබලන් කෙළ ගැහුවොත් අපේ මුහුණටමයි වැටෙන්නේ. අපේ ක්‍රීඩකයන්ව අපි ආරක්ෂා කරගත යුතුයි. යටගිය දේවල් යට ගියාවේ. නවකයෝ ඒ දේවල් දන්නවා.

ඒ අවුරුද්ද පුරාවට මම ගෙනාපු ක්‍රීඩකයන් තමයි තරග ජයග්‍රහණය කරවන්නේ. මේ ක්‍රීඩා කරපු තරගයේ (දඹුල්ල තරගය) මම නායකත්වය දීපු අය. ඒකට මට ලොකු ප්‍රශ්නයක් වුණා ඇයි නවකයන්ට මේ තරම් අවස්ථාව දෙන්නේ කියලා. නමුත් අද නවකයන් තමයි ජයග්‍රහණය කරවන්නේ. විශේෂයෙන් චන්දිමාල් මතක් කරන්න ඕන. මම සංතෝෂයි නායකයෙක් ලෙස මම කරපු දේවල් ගැන.

ක්‍රීඩකයන්ගෙන්  පමණක් නොවෙයි, සමහර පුහුණුකරවන්ගෙනුත් මට සහායක් (දකුණු අප්‍රිකා තරගාවලියේදී) ලැබුණේ නෑ.ඒ අවුරුද්ද ඇතුළත පුහුණුකරුවන් පස් දෙනෙකු හෝ හය දෙනෙකු හිටියා. ගිය දේවල් ගියපුවාවේ. ඒ හැමදෙයක්ම ගෙදර අයත් එක්ක කතා කරලා මම තියාගෙන හිටියා. කවුරු සහාය දුන්නත් නැතත්, තිබුණු සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න හැදුවා.

මම නායකත්වය දරපු අවුරුද්ද පුරාවටම ඇන්ජලෝ මැතිව්ස්ගේ කෙණ්ඩයේ ආබාධයක් තිබුණා. අවුරුද්ද පුරාවටම මැතිව්ස්ට පන්දු යවන්න බැරිවුණා. ඒක මගේ අවාසනාව වෙන්න ඇති. මොකද මම අයින් වෙලා සතියකින් අපි ඔස්ට්‍රේලියාවට ගියා. ඒ සතියේදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්න පටන්ගත්තා. ඒක මහේලගේ වාසනාව වෙන්න ඇති. ඔය ප්‍රශ්නත් එක්ක තමයි මම අවුරුද්දම ක්‍රීඩා කළේ." යැයි ඩිල්ෂාන් වැඩිදුරටත් පැවැසීය.



COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවසානයේදී ඩිල්ෂාන් කතා කරයි.
අවසානයේදී ඩිල්ෂාන් කතා කරයි.
http://ift.tt/2btd0xZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_199.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_199.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy