දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නුවන් නිරෝධට මාර්ටින් නිමොලර් හමුවීම

රාජපක්ෂලා උතුරේ ගලාගිය රුධිරයෙන් දකුණේ දේශපාලන බලය පවුලේ දේපලක් බවට පත්කර ගත්තේය. එය නුවන් නිරෝධ අපට වාර්තා කළේ ඒ රට වෙනුවෙන් කළ දේශප්‍රේමී...


රාජපක්ෂලා උතුරේ ගලාගිය රුධිරයෙන් දකුණේ දේශපාලන බලය පවුලේ දේපලක් බවට පත්කර ගත්තේය. එය නුවන් නිරෝධ අපට වාර්තා කළේ ඒ රට වෙනුවෙන් කළ දේශප්‍රේමී ක්‍රියාවක් ලෙසය. රාජපක්ෂලා දකුණේ මෙන්ම උතුරේ ධවල භීෂණයක් පතුරවන්නට විය. නුවන් නිරෝධ අපට එය වාර්තා කළේ ඒ රට වෙනුවෙන් කළ දේශප්‍රේමී ක්‍රියාවක් ලෙසය. රාජපක්ෂලා සුදුවෑන් ඒවා මිනිසුන් අතුරුදහන් කරන්නට සහ ඝාතනය කරන්නට විය. එය නුවන් නිරෝධ අපට වාර්තා කළේ ඒ රට වෙනුවෙන් කළ දේශප්‍රේමී ක්‍රියාවක් ලෙසය. රාජපක්ෂවරු රටේ හමුදාව පොලිසිය ඇතුළු මිලිටරි යාන්ත්‍රණය සිය බලදේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පාහර අයුරින් යොදවන්නට විය. එය නුවන් නිරෝධ අපට වාර්තා කළේ ඒ රට වෙනුවෙන් කළ දේශප්‍රේමී ක්‍රියාවක් ලෙසය. රාජපක්ෂලා රට තුළ තුච්ඡ අයුරින් ජාතිවාදය සහ ආගමික අන්තවාදය වපුරා බලය රැක ගන්නටකටයුතු කරන්නට විය. එය නුවන් නිරෝධ අපට වාර්තා කළේ ඒ රට වෙනුවෙන් කළ දේශප්‍රේමී ක්‍රියාවක් ලෙසය. රාජපක්ෂලා ප්‍රජාතන්ත්‍රවාදය හකුලා විධායක ජනාධිපති වෙනුවට රජාට අඳින්නට විය. පුතාලා රජ කුමාරයන්ට අඳින්නට විය. එය නුවන් නිරෝධ අපට වාර්තා කළේ ඒ රට වෙනුවෙන් කළ දේශප්‍රේමී ක්‍රියාවක් ලෙසය. රාජපක්ෂලා රටේ ජාතික ධනය නින්දිත අයුරින් හොරකම් කරන්නට විය.එය නුවන් නිරෝධ අපට වාර්තා කළේ ඒ රට වෙනුවෙන් කළ දේශප්‍රේමී ක්‍රියාවක් ලෙසය. මැතිවරණයෙන් පරාජය වූ මහින්ද ගෙදර යාම වෙනුවට උත්සහ කළේ ලේ සෙලවීමකින් හෝ බලය යලි අත්පත්කර ගන්නටය. එය නුවන් නිරෝධ අපට වාර්තා කළේ ඒ රට වෙනුවෙන් කළ දේශප්‍රේමී ක්‍රියාවක් ලෙසය. පරාජයෙන් පසුවවත් රාජපක්ෂලාගේ බල වියරුව අවසන් වුයේ නැත. එය නුවන් නිරෝධ අපට වාර්තා කළේ ඒ රට වෙනුවෙන් කළ දේශප්‍රේමී ක්‍රියාවක් ලෙසය.

අවසානයේ ලොකු බේබිගේ කටු කන කුක්කෙකු නිරෝධව සපා කෑවේය. තල්ලුකර බිම වැටුණු පසු පයින්ද ඇන්නේය. එය නුවන් නිරෝධ අපට වාර්තා කළේ නැත.

ඒ නුවන් නිරෝධට මාර්ටින් නිමොලර් මුණගැසුණු නිසාය. නුවන් මචං අපි කඳවුරු දෙකක... නමුත් මේ වෙලාවේ අපි උඹ එක්ක ඉන්නවා වගේ තක්කඩි ප්‍රකාශ අපි සිදුකරන්නේ නැත. ඒ වගේම නුවන්ට කඳවුරක් ඇතත් අපිට එවැන්නක් නැත. ඒ නිසා අපි කියන්නේ නුවන් නිරෝධට මාර්ටින් නිමොලර් මුණගැහුණු වෙලාවේ කී කතාවය.

අනේ මොට්ට පාල මං කලින් කිව්වා නේද ඒකාධිපති බල වියරුව හමුවේ අපි සේරම එකයි කියලා. උන් අන්තිමට මාව හොයාගෙනත් ආවා. නමුත් උඹ... උඹ මොකද කළේ? උඹ බබෙක් නෙවෙයි. ඒත් උඹ අපිට බබා පාර්ට් එක දැම්මා. රාජපක්ෂගේ හැම පාහර වැඩක්ම රට වෙනුවෙන් ගත් දේශප්‍රේමී ක්‍රියා හැටියට ලිව්වා. ඒ හැම දෙයක්ම සාධාරණීකරණය කළා. ඉතින් නාමල්ගේ කටු කන එකෙක් බොට ගැහුවම අඬන්නේ නැතුව කියපන් අර වෙනදා වගේම "මලහත්වලාමේ ආණ්ඩුවෙන් රාජ කුමාර නාමල් ට තර්ජන තියනවා..ඩයස්පෝරාවෙන් තර්ජන තියනවා... ඒ නිසා අපි වගේ එක කඳවුරේ අයටවත් බේබි ගාවට ලං වෙන්න නොදීම සාධාරණයි. ගහන්න නෙවෙයි තිබුණේ මාව මරණ්න. මොකද රට කියන්නෙ මහින්ද ... රටේ අනාගතය කියන්නෙ නාමල්... ඉතින් රටේ නාමෙන් ගුටිකන එක මට නතින්... මැරෙන එකත් නතින්... මට ගැහුවා නෙවෙයි කටට ජරා කළත් අවුලක් නෑ. රට වෙනුවෙන් රාජපක්ෂලා රජ වෙනවනම් ඕන මගුලක්.

- සංජය ලියනගේ | Sanjaya Liyanage

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නුවන් නිරෝධට මාර්ටින් නිමොලර් හමුවීම
නුවන් නිරෝධට මාර්ටින් නිමොලර් හමුවීම
http://ift.tt/2aQc2LH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy