දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැට්‌ බද්දට එරෙහි වූ කඩ හතකට සීල් - තුනක්ට විවෘත කිරීමට අවසර
Homeප්‍රවෘත්ති

වැට්‌ බද්දට එරෙහි වූ කඩ හතකට සීල් - තුනක්ට විවෘත කිරීමට අවසර

PropellerAds

රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් රජයේ වැට්‌ බදු වැඩි කිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතා දැක්‌වූ සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ප්‍රධාන නිලධාරී...

මේ වසරේ ණය වාරිකය රුපියල් ට්‍රිලියන තුනක්!
ගෝඨා CIDයට
"අහගත්තද? ඇතිද ඔයාට?" - ඉසුරගෙන් මාධ්‍යට තරවටුවක් (VIDEO)
වැට්‌ බද්දට එරෙහි වූ කඩ හතකට සීල් - තුනක්ට විවෘත කිරීමට අවසර

රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් රජයේ වැට්‌ බදු වැඩි කිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතා දැක්‌වූ සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ප්‍රධාන නිලධාරීන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ රෙදිපිළි වෙළෙඳසල් ශ්‍රී ලංකා රේගුව විසින් මේ වන විටත් මුද්‍රා තබා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට වෙළෙඳසල් හතක්‌ පමණ සීල් තැබීමට ලක්‌ව ඇති අතර ඉන් මුලින් මුද්‍රා තැබූ වෙළෙඳසල් තුනක්‌ මුදල් තැන්පතුවක්‌ මත විවෘත කිරීමට පසුව අවසර ලැබී ඇතැයි ද වාර්තා වේ.

නීති විරෝධී අන්දමින් රටට රෙදිපිළි ගෙනැවිත් ඇතැයි පවසමින් එම වෙළෙඳසල් ශ්‍රී ලංකා රේගුවේ විශේෂ විමර්ශන කණ්‌ඩායමක්‌ මගින් පරීක්‍ෂා කොට සීල් තැබීමට පියවර ගෙන ඇති බවත් මෙහි සැබෑ අරමුණ තොග හා සිල්ලර වෙළදාමට ද අදාළ වන පරිදි සියයට 15 දක්‌වා වැට්‌ බදු වැඩි කිරීමට එරෙහිව රට පුරා විවිධ නගරවල කඩ සාප්පු වසා වෙළෙඳුන් විසින් සිදුකළ විරෝධතාවන්ට නායකත්වය දුන් සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ක්‍රියාකාරීන් බියවැද්දීම බව ද එම වෙළෙඳ සංගම් ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අනුව සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ සභාපති සරත් ධර්මසිරි මහතා, එහි ලේකම් ඉන්දික ලියනගේ මහතා සහ උප සභාපති ආර්. සමරක්‌කොඩි මහතා ඇතුළු එහි ක්‍රියාකාරීන් ගේ වෙළෙඳසල් මේ වන විට සීල් තබා ඇති බවත් වාර්තා වේ.

නීති විරෝධී අන්දමින් රෙදිපිළි රට තුළට ගෙනැවිත් ඇති බවට ලද තොරතුරකට අනුව අදාළ වෙළෙඳසල් පරීක්‍ෂා කරන බවට මාධ්‍යයට ප්‍රකාශ කළ ද මේ වැඩපිළිවෙළේ සැබෑ අරමුණ ඉදිරියේදී නැවත වතාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන වැට්‌ බදු පනතට වෙළෙඳුන්ගෙන් ඇති වන බලවත් විරෝධය වළක්‌වා ගැනීම සහ පසුගිය දිනවල සිදුකෙරුණු උද්ඝෝෂණවලට නායකත්වය දුන් ව්‍යාපාරිකයන් බියවැද්දීම බව ද එම වෙළෙඳ නියෝජිතයන්ගේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ප්‍රධාන නිලධාරීන් ඇතුළු ක්‍රියාකාරීන්ගේ කඩ මුද්‍රා තැබීම තුළින්ම මෙය පැහැදිලි වන බව ද වැට්‌ බද්දට එරෙහි උද්ඝෝෂණවලට නායකත්වය දුන් වෙළෙඳ නියෝජිතයන්ට අයත් තවත් වෙළෙඳසල් ඉදිරි දිනවල ශ්‍රී ලංකා රේගුව මගින් පරීක්‍ෂා කිරීමට යන බවද පැවසේ.

(දිවයින)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැට්‌ බද්දට එරෙහි වූ කඩ හතකට සීල් - තුනක්ට විවෘත කිරීමට අවසර
වැට්‌ බද්දට එරෙහි වූ කඩ හතකට සීල් - තුනක්ට විවෘත කිරීමට අවසර
http://ift.tt/2bsX3WN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_112.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_112.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy