දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනතා විමුක්ති පෙරමුණ, සදාකාලික ෆැන්ටසිය, හා පයිප්පෙට එන ඇසිලින් නැන්දා.

මාතෘකාව දැක්කමත් පොඩ්ඩක් හිනා යනවා නේද? නමුත් ජවිපේ ඉතිහාසය ඈත අතීතයේ සිට සලකා බලන විට ජවිපේ සම්භන්ධව ලියන්නට මීට වඩා හොඳ කැප්ෂන් එකක් සොය...


මාතෘකාව දැක්කමත් පොඩ්ඩක් හිනා යනවා නේද? නමුත් ජවිපේ ඉතිහාසය ඈත අතීතයේ සිට සලකා බලන විට ජවිපේ සම්භන්ධව ලියන්නට මීට වඩා හොඳ කැප්ෂන් එකක් සොයා ගැනීමට මට නොහැකි විය.. සෝවියට් දේශයේ වාම විප්ලවයේ ආභාශයෙන් රෝහණ විජේවීර සහෝදරයා විසින් ඇරඹි ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට වසර පණහකට ආසන්න කාලයක් හෙමින් හෙමින් තම දේශපාලන ගමන එන බව ඔබ අප සැවොම දන්නා කරුණක්...

කෙසේ වෙතත් ජතිකවාදී චින්තනයකින් ඇරඹි මෙම දේශපාලන ව්‍යාපාරය රෝහණ විජේවීරයන්ගේ සිතේ මැවුනු අපූරු දේශපාලණික අදහස් සමඟ ඉතා වේගයෙන් ජනප්‍රිය වුනා.. නමුත් තම්න්ගේ පරිමාව පිළිබඳ අවභෝධයක් නැතිව 71 දී රාජ්‍ය විරෝධී විප්ලවයක් කරගෙන තම සමාජිකයින්ගේ ජීවිත ගාණකට කෙළෙව්වේය... නමුත් ඔවුන් කියන්නේ සිරිමාවෝ විසින් ඔවුන් මැරුවා කියලායි.. ඒ අනුව ඔවුන් කියන පරීදි රජය පෙරලන්නට අවි ආයුධ ගන්න විප්ලවවාදීන් හමුවේ රජය සිල් රැකිය යුතුය.. ඔවුන්ට අවනත වී පරාජය බාරගෙන ඔවුන්ට රජය ලබාදිය යුතුය.. මහජන අවධානය ක්ෂණිකව දිනා ගැනීමේ ජනතා විමුක්ති පෙරමුණේ අලෙවිකරණ ක්‍රියාදාමය සාර්ථක වූයේ කිසිදු සාර්ථක බලාපොරොත්තුවක් නැතිව, අලෙවිකරණ බලාපොරොත්තුවක් පමණක් ඇතිව කරනු ලැබූ මෙම විප්ලවය හේතුවෙනි.. විප්ලවය අසාර්ථක වූ අතර අලෙවිකරණය සාර්ථක වී ජවිපේ මහජන හදවත් වලට ඉතා වේගයෙන් ලංවෙනු ලැබුවේ, තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් වල පල්ලට යවමිනි.

එවන් මිනීමරු වාසියකින් ජනතාවට අලෙවි කල (Market කල) ජවිපේ නැවතත් රජයට විරුද්ධව ආයුධ අතට ගන්නේ 1987/ 1988 කාලයේය. එක් පැත්තකින් ජන වාර්ගික අර්බුධයක් ක්‍රියාත්මක වෙමින් එද්දි, මොවුන් "පක්ෂය තහනම් කලෝ.." කියලා ආයුධ අතට ගන්නවා.. එතුලින් ඉතා දැඩි වශයෙන් ආණ්ඩු විරෝධී ලෙස මිනිසුන්ගේ මොළ හෝදා ඔවුන් ආණ්ඩුව ගැටෙන්නට සලස්වනවා.. ජවිපේ නායකයින්ට බලය ලබා ගැනීමට කැප වුනු ශ්‍රී ලංකික තරුණ තරුණියෝ වධකාගාරවල දුක් විදිනවා.. රජය අමු අමුවේ මොවුන්ව මර්ධනය කරනවා.. ඒ මර්ධනයෙන් පලිගන්න මොවුන් කලේ රාජ්‍ය දේපළ විනාශ කරමින්, රාජ්‍ය සේවකයෝ මරා දමමින්, ස්වාමීන් වහන්සේලා, උගත් වියත් පුද්ගලයින් මරා දමමින් මිනිසුන්ගේ හැඳුනුම්පත් පවා බලෙන් හොරකම් කරමින් මොවුන් අති විශාල හානියක් සමස්ථ රටට අති විශාල හානියක් සිදු කිරීමයි.. රාජ්‍ය විරෝධී ජවිපේ විප්ලවය එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මර්ධනය කලේ ඔවුන්ගේ නායකයා වූ රෝහණ විජේවීරයන් අද වන විටත් අතුරුදහන් කරවමිනි.. මේ වෙද්දි ජනතා විමුක්ති පෙරමුණ " අපේ රෝහණ විජේවීර සහෝදරයා අතුරුදහන් කරලෝ.." යනුවෙන් බෙරිහන් දෙන්නේ රෝහණ විජේවීර විසින් සියළු ශ්‍රී ලාංකිකයින්ට විමුක්තිය උදා කර දුන්නා යැයි සලකමිනි. මේවට හිනා වීම තහනම් ඔන්න...

අනතුරුව කාලයේදී 1993 කාලයේ සිට ජවිපේ නැවත් ගොඩ නැගුණි. පුද්ගලයින් හතර පහක අසම සම ප්‍රයත්නයෙන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට පැමිණි බව පිළිගත යුතුය. ජාතිකවාදී චින්තනයක් ඔස්සේ මහජනතාවගේ හිත් වැළදගනිමින් තම්න්ගේ පාර්ලිමේන්තු ආසන සංඛ්යාව 40කට වැඩි ගණනකට ගෙන ඒම තුල ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන මහජනතාව පිළිගත් බවට සාක්ෂි සපයයි...

අනතුරුව ජවිපේ කෑලි කෑලි වලට කැඩී යාමෙන් අනතුරුව මහජන හදවත් වලින් ඈත් වෙන්නට 2010 ජනපතිවරණයෙන් පසු පටන් ගත් අයුරුද ඔබට මතක ඇති.. යුද්ධය දිනූ ජනතා නායකයාට අවමන් කිරීම, ජවිපේ කපන ලිදෙන් එජාපය නෑම වැනි කාරණ නිසා ජවිපේ මෙවරත් ආසන හයකට සීමා වුන ආකාරයෙන් ජවිපේ අද සිටින තැන පිළිබඳව කිසිදු අවුලක් නැතිවම නිවැරදි අවභෝධයක් ලබාගත හැක.

අද ජවිපෙ කොතනද? කිසිදු ජවිපේ දේශපාලන නායකයෙක් හෝ ජවිපේ පාක්ෂිකයෙක් තමන් ගැන කතා කරනවාද? හිටපු මහින්ද අරහෙමයි, මේ ආණ්ඩුව අන්තිමයි, තජුදීන් මැරුවෝ, 2020 දිත් රාජපක්ෂ පරද්දනවෝ ආදී කථා කියනවා හැර තමන්ගේ ආසන සංක්‍යාව වැඩි කිරීම තුලින් රට හරි පාරකට ගෙනියන්න කිසිදු උත්සාහයක් දරනවා පේනවාද? නමුත් මේ ඡෝදනා කරන්නේ කාටද? එක් කලෙක චන්ද්‍රිකා සමග හිටගත් ජවිපේ තව කලෙක මහින්දත් සමඟ හිට ගත්තේය. අනතුරුව රනිල් සහ ෆොන්සේකා සමග හිටගත් ජවිපේ, පසුගිය ජනපතිවරණයේදී රනිල් සහ මෛත්‍රීත් සමඟ නිල නොලත් ලෙස හිට ගත් බව ජනතාවට අමතක නැත. එකට හිටගෙන පසුව ඉවත් වෙලා බනින එක විතරයි මොවුන් අන්තිමට කරලා තියෙන්නේ..

මාතෘකාවේ සද්හන් කල "පයිප්පෙට එන ඇසිලින් නැන්දා" ජවිපේ හා සමාන වෙන්නේ මේ අවස්ථාවේදීය.. අතීතයේ මිනිසුන් රාෂියක් සමඟ නිදාගෙන වල්මත් වී වයසට ගිහින් කිසිදු මිනිසෙකුගේ සිතක් නම්මා ගත නොහැකි කල, ඇසිලින් නැන්දාද දකින දකින් කෙල්ලට "මේකි වේසියක්" කියන්නේ තමන් අතීතයේ කල වේසකම දසමෙකට මතක නැති ගාණටය..

ඇසිලින් නැන්දාගේ කථාවෙන් වටේ උන් ආතල් ගන්නවා හැර, එය කණකට ගන්න යමෙක් වේනම්, ඔවුන්ද කෝටි දෙකක ජනතාවගෙන් ලක්ෂ පහක් විතර සංඛ්‍යාවක් පමණි...

-අභීත එදිරිසිංහ | Abeetha Edirisinghe


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතා විමුක්ති පෙරමුණ, සදාකාලික ෆැන්ටසිය, හා පයිප්පෙට එන ඇසිලින් නැන්දා.
ජනතා විමුක්ති පෙරමුණ, සදාකාලික ෆැන්ටසිය, හා පයිප්පෙට එන ඇසිලින් නැන්දා.
http://ift.tt/2bnpczj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_103.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_103.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy