දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

'ආසියාවේ හොඳම සේවායෝජක සන්නාමය 2016' ලංකා බැංකුවට.

ලංකා බැංකුවෙහි කීර්තියට තවත් අභිමානයක්‌ එක්‌ කරමින් ආසියාවේ හොඳම සේවායෝජක සම්මාන ප්‍රදාන 7 වැනි වාර්ෂික උළෙල 2016 වසර සඳහා ලංකා බැංකුව හොඳ...


ලංකා බැංකුවෙහි කීර්තියට තවත් අභිමානයක්‌ එක්‌ කරමින් ආසියාවේ හොඳම සේවායෝජක සම්මාන ප්‍රදාන 7 වැනි වාර්ෂික උළෙල 2016 වසර සඳහා ලංකා බැංකුව හොඳම සේවායෝජක සන්නාමයන්ගෙන් එකක්‌ ලෙස පිදුම් ලැබීය. 

මෙම උළෙල පවත්වන ලද්දේ සේවායෝජක සන්නාම ආයතනය, ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්‍රසය සහ ක්‍රමෝපාය හවුල්කරු CHRD ASIA iu. Sta˙ of the Industry Group යන ආයතනයන් විසිනි. සිංගප්පූරුවේ පෑන් පැසිපික්‌ මැරීනා චතුරස්‍රයෙහි පැවැත්වුනු මෙම උළෙලේදී ඊට සහභාගිවුණු ඕස්‌ටේ්‍රලියාව ඇතුළු ආසියාව පුරා 40 කට වැඩි රටවල් අතරින් එක්‌ ජයග්‍රාහකයෙකු ලෙස ලංකා බැංකුව තෝරා ගැනිණි. සේවා ස්‌ථානයේදී දායකත්ව සංස්‌කෘතියක්‌ සහ නව්‍යකරණයක්‌ නිර්මාණය කිරීමට ආයතනික සෞඛ්‍යය මැන බැලීමෙන් සහ දැක්‌ම සාක්‌ෂාත් කර ගැනීමට සහාය වන වටිනාකම් කාවැද්දීමෙන් මානව සම්පත් ප්‍රතිපත්තිය ස්‌ථිරව සංවර්ධනය කිරීම, සමාජයීය සේවායෝජකයකු වීම සහ අනාගත ආයතනික නායකයන් සංවර්ධනය කිරීමට දක්‌වන දායකත්වය පිළිබඳව එක්‌ රැස්‌ කර ගන්නා ලද තොරතුරු මත පදනම් වූ දැඩි ඇගයීමකට ලක්‌ කරන ලදී. විනිසුරු මඬුල්ල සමන්විත වන්නේ ආසියාවේ විවිධ ප්‍රදේශයන්හි වෘත්තිකයන්ගෙනි. ජයග්‍රාහකයන් තෝරා ගනු ලබන්නේ ඉගෙනීමේ සහ සංවර්ධන පියවරයන්හිදී ආදර්ශවත් වීම, සේවකයන් සේවය සඳහා බඳවා ගැනීම, පුහුණු කිරීම, රඳවා ගැනීමේ පරිචයන් සහ අඛණ්‌ඩ නව්‍යකරණයෙහි සුවිශේෂී බව සන්නිවේදනය කිරීම පාදක කර ගනිමිනි. 

"ලංකා බැංකුවේ කාර්ය මණ්‌ඩලය කැපී පෙනෙන ප්‍රතිඵල ලබා දීමට ඉතා ඉහළ කාර්යභාරයක්‌ ඉටු කරන දැනුම, කුසලතාව සහ ප්‍රවීණතාවයෙහි එකතුවකි. 7500 කට වැඩි කාර්ය සාධක බළකායකින් සමන්විත ලංකා බැංකුව තම සෑම සාමාජිකයකුම සිය පෞද්ගලික දිවියේ ඉලක්‌ක සපුරා ගන්නා අතරම ඔවුන්ගේ යුතුකම ඉටු කිරීමට අභිප්‍රේරණය කරනු ලබන බව තහවුරු කර ගැනීමට සෑම පියවරක්‌ම ගනී. ජාතියේ මහා පහන් ටැඹ ලෙස ස්‌ථාපිත වෙමින් ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙකුගේ එක්‌ එක්‌ සහ සෑම අවශ්‍යතාවයක්‌ පිළිබඳවම ලංකා බැංකුවට සොයා බැලීමට හැකිවන පරිදි ජීවිතය පිළිබඳ විවිධ යථාදර්ශනයන්ගෙන් යුක්‌ත විවිධ වයස්‌ කණ්‌ඩායම් වල සාමාජිකයන් අප සතුය. මෙම ජාත්‍යන්තර සම්මාන ප්‍රදානය සැමරීමේදී මාගේ කාර්ය මණ්‌ඩලය සමග එක්‌ව සිටීමට වඩා තවත් වරප්‍රසාදයක්‌ මාහට නොමැති අතර ඔවුන් මෙම ආයතනයට දක්‌වන කැපවීම පිළිබඳව ස්‌තුතිය පළ කිරීමට මම මෙය අවස්‌ථාවක්‌ කර ගනිමි" යෑයි ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී.එම්. ගුණසේකර මහතා පැවැසීය.

"බැංකුවේ මානව සම්පත් කණ්‌ඩායම මේ වන විට බැංකුවෙහි ඩිජිටල් පරිවර්තනයට අනුකූලව තාක්‌ෂණිකව ක්‍රියාත්මක වන අංග සම්පූර්ණ මානව ප්‍රාග්ධන කළමනාකරණ පද්ධතියක්‌ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක නියෑළී සිටියි. අප අපගේ කාර්ය මණ්‌ඩල හැකියාවන් තවදුරටත් ශක්‌තිමත් කිරීමටත් අපගේ දක්‌ෂතා සංචිතය මෙම පද්ධතිය හරහා කළමනාකරණය කිරීමටත් අපේක්‌ෂා කරන්නෙමු. දිවයිනේ අංක 1 බැංකුව ලෙස අපගේ කාර්ය මණ්‌ඩලය සෑමවිටම සේවාව තුළ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කර ඇති අතර මානව සම්පත් අංශය වශයෙන් අප ඔවුන්හට සියලු කල්හි අභිප්‍රේරණය වී සිටීමට අවශ්‍ය මඟපෙන්වීම සහ විශේෂඥ පුහුණූව ලබා දෙන්නෙමු" යෑයි නියෝජ්‍ය මහා කළමනාකරු මානව සම්පත් ජී.එච්. චන්ද්‍රසිsරි මහතා සඳහන් කළේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ආසියාවේ හොඳම සේවායෝජක සන්නාමය 2016' ලංකා බැංකුවට.
'ආසියාවේ හොඳම සේවායෝජක සන්නාමය 2016' ලංකා බැංකුවට.
http://ift.tt/2bV8RBa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/2016_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/2016_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy