මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන මඩ ප්‍රකාශ නොකරන ලෙස තමා එජාප මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රංජන...
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන මඩ ප්‍රකාශ නොකරන ලෙස තමා එජාප මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊවේ (17) අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී ය.
එහිදී ඔහු මෙසේද පැවසී ය.
“මරුණත්කමක් නෑ කියල බෙල්ලදෙන්න ආපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ගහන්න එපා කියල මම අපේ මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ කෙළෙහි ගුණ තියන්න. අපේ පක්ෂයට පොඩ්ඩක් කෙළෙහිගුණ අඩුගතියක් තියෙනවා. අමාරු අවස්ථාවක උදව්වට ආපු එකාට ගහන්න එපා.‘ යැයි පැවැසීය.
“අපට ජනාධිපති අපෙක්ෂකයෙක් නැතිවෙලාවේ ඒ මනුස්සයා අපේ පිහිටට ආවේ නැද්ද. එයා ආවට පස්සේ එයාව ජනාධිපති කරල එයා මාර්ගයෙන් අගමැති පුටුවත් අරගෙන අපට 41යි තිබුණේ එයා මාර්ගයෙන් ආණ්ඩවත් හදාගෙන දැන් කියනවා පික් පොකැට් කාරයාලු හොඳද වැඩේ. ඒක හොඳ නෑනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බැඳුන්කර හොරු අල්ලන එක වැරැදිදි හරිද. රංජන් රාමනායක බැඳුන්කර හොරකම කළා නම් රංජන් රාමනායකත් ඉන්න ඕනේ ඇතුළේ.‘ යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරුටත් පැවසී ය.
COMMENTS