දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාවත් සමග රවී සමුගනී?

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව මඟින් හිටපු ඇමැති රවී කරුණානායකට එරෙහිව බරපතළ කරුණු රැසක් අවධාරණය කර තිබුණහොත්, එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ...


බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව මඟින් හිටපු ඇමැති රවී කරුණානායකට එරෙහිව බරපතළ කරුණු රැසක් අවධාරණය කර තිබුණහොත්, එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැන සලකා ඔහුව ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්කිරීම සම්බන්ධයෙන් පක්ෂය අභ්‍යන්තරයේ පුළුල් සාකච්ඡාවක්   ඇති වී තිබේ. 

බැඳුම්කර කොමිසමේ කාලය අවසන් වීමෙන් පසු, ලබන මාසය තුළ එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත ය. එම කොමිසමේ අවසන් නිර්දේශ සඳහන් කළ යුතු අතර, අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ නීති විශාරදයන් පෙන්වා දී ඇත්තේ හිටපු ඇමැති රවී කරුණානායක, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් බරපතළ නිර්දේශ එම වාර්තාවේ අන්තර්ගත වනු ඇති බවයි.

කොමිසමේදී මතු වූ කරුණු සහ සාක්ෂි සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමෙන් පසු අදාළ නීති විශාරදයන් එජාප නායකත්වයට මෙසේ පවසා තිබේ. ඒ අනුව හිටපු ඇමැති රවී කරුණානායක තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළේ නායකයකු ලෙස කටයුතු කිරීම පක්ෂයේ අනාගතයට තීරණාත්මක ලෙස බලපෑම් එල්ල කරන බව බහුතරයකගේ අදහස වී තිබේ.

එසේ ම ලබන ජනවාරි මාසයේ දී පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ආසන මට්ටමේ මෙහෙයුම් කටයුතු හිටපු ඇමැතිවරයාට පැවරීම සම්බන්ධයෙන් ද නැවත වරක් අවධානය යොමු කළ යුතු බවත්, එසේ නොවුණහොත් එය ඉදිරි මැතිවරණයේ දී විරුද්ධ පාර්ශ්වවලට ආයුධයක් වනු ඇති බවත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්

රැසක් විසින් නායකත්වයට පවසා ඇතැයි සිරිකොත ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසාන තීරණයක් ගෙන නැතත්, කඩිනමින් ඒ පිළිබඳව පක්ෂ නායකත්වය අවධානය යොමු කරනු ඇති බව ද අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන 27 වැනිදායින් කොමිසමේ සාක්ෂි කැඳවීම අවසන් වීමට නියමිත අතර, තවදුරටත් කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව කොමිසමේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව කොමිසමේ නිර්දේශ අඩංගු අවසන් වාර්තාව ලබන මාසයේ ජනාධිපතිවරයාට භාරදීමට නියමිත අතර, ඉන්පසු නීතිපතිවරයා විසින් අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු අධිකරණය හමුවේ මේ බැඳුම්කර ගනුදෙනුවලට අදාළ ව නඩු පැවරීමට නියමිත ය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28646,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාවත් සමග රවී සමුගනී?
බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාවත් සමග රවී සමුගනී?
http://ift.tt/2hTTav5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_491.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_491.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy