ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරයේ දී රුසියාවෙන් යුධ නෞකාවක් මිලට ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. එහෙත් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඒ...
ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරයේ දී රුසියාවෙන් යුධ නෞකාවක් මිලට ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. එහෙත් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඒ මොහොතේ දී ඊට එරෙහි වී ඇත. අදාල නෞකාව මිලදී ගැනීම සඳහා වූ ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු පවසා ඇත්තේ යුද්ධයක් නොමැති මෙවන් සාමකාමී මොහොතක රුපියල් කෝටි සිය ගණනින් වියදම් කරමින් යුධ නෞකාවක් මිල දී ගැනීම අනවශ්‍ය ක්‍රියාවක් බවත් එසේ නෞකාවක් අවශ්‍යම නම් රුසියානු නෞකාව සඳහා වන මිලෙන් හතරෙන් එකක පමණ අඩු මිලට ඉන්දියානු යුධ නෞකාවක් මිල දී ගත හැකි බවත් ය. මේ හේතුවෙන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා සමඟ අමනාපයෙන් පසු වී ඇත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා ආරක්ෂක ලේකම්වරයාට ජර්මානු තානාපති ධුරය භාරගන්නා ලෙස ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අකමැත්තෙන් වුව ද එම තනතුර භාරගනිමින් ජර්මනිය බලා යාමට නියමිත බවත් අප වෙත වාර්තා වේ.
එමෙන් ම කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් හිස්වන ආරක්ෂක ලේකම් තනතුර සඳහා ජනාධිපතිවරයාගේ තවත් සමීපතම හිතෛශියකු වන වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි කිංස්ලි ප්‍රනාන්දු මහතාව පත් කිරීමට නියමිත බවද ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි. එසේම මෙම සියළුම සිදුවීම් පසුපස ජනාධිපතිවරයා විසින් "බොස්" කියා අමතන, මාධ්‍ය ජාලා හිමි කෝටිපති ව්‍යාපාරිකයකු සිටින බවද පැවසේ.
COMMENTS