පසුගිය දින දෙකක පමණ කාලයක සිට ඇතාගේ හොඩය දලේ පැටලී තිබෙන බව යාල ,කටගමුව වනජීවී නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව ලුණුගම්වෙහෙර වනජීවී පශු...
පසුගිය දින දෙකක පමණ කාලයක සිට ඇතාගේ හොඩය දලේ පැටලී තිබෙන බව යාල ,කටගමුව වනජීවී නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව ලුණුගම්වෙහෙර වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් සමග සෝදිසියකින් සිදු කළහ. ඊයේ සවස සිට රාත්‍රී කාලය පුරාවට පැය 11 ක පමණ මෙහෙයුමකින් පසූ ඇතාගේ දලේ පැටලී තිබු හොඩය ඉවත් කිරීමට හැකි වූ බවයි පශු වෛද්‍ය ආනන්ද ධර්මකිරිති මහතා ප්‍රකාශ කර සිටියේ .
සිතුල්පවවූ වෙත පැමිණෙන බැතිමතුන් හා වන්දනා කරුවන් ආහාර දීමට යාමේදී නන්දි මිත්‍ර නැමති ඇතාගේ ප්‍රහාරයට ලක්වී වාහන 107 කට පමණ අලාභ සිදුවී ඇතැයි වනජීවී නිලධාරීන් පවසයි .
කෙසේනමුත් රුහුණු ගැටවු නැමති කුලයට අයත් වන මෙම ඇතා ඇතුළුව ඇතුන් සිටින්නේ 10 ක් පමණ බවයි පරිසරවේදීන් පෙන්වාදෙන්නේ .
2011 වසරේ ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද සංගණනයට අනුව මෙරට සමස්ථ ඇත් ගහනය 120 ක් පමණ වේ.
COMMENTS