තමන්ට අද (27) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ම...
තමන්ට අද (27) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය එම කොට්ඨාසය වෙත දැනුම් දී තිබේ.
නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිඛිතව මෙම දැනුම් දීම සිදු කර ඇති අතර, ඒ සඳහා තමන්ට සති දෙකක කාලයක් ලබා දෙන ලෙස ද ඇය ඉල්ලා ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ක්‍රියාත්මක වූ 'සිරිලිය සවිය' පදනමට අයත් බැංකු ගිණුමක සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇයට අද දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
මේ පුවත තව අයට බලන්න

COMMENTS