දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලංකාවට ‘නිපා’ අවදානමක් නෑ ! අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවට වෛද්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගෙන් සහතිකයක්!

මෑත කාලීනව ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් ‘නිපා’ (Nipah) වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වුවද, ශ්‍රී ලංකාව තුළ එම වෛරසය පැ...

මෑත කාලීනව ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් ‘නිපා’ (Nipah) වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වුවද, ශ්‍රී ලංකාව තුළ එම වෛරසය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කරන්නේ, මෙම තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ජාත්‍යන්තර සංචරණ සීමා පැනවීමට නිර්දේශ කර නොමැති බැවින් ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවයි.

නිපා වෛරසය ප්‍රධාන වශයෙන් සතුන් අතර, විශේෂයෙන්ම වවුලන් අතර දක්නට ලැබෙන රෝගයකි. මෙය මිනිසුන්ට බෝ වන්නේ ඉතා කලාතුරකින් වන අතර, ඒ සඳහා ආසාදිත සතුන් හෝ ඔවුන් ස්පර්ශ කළ ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම හේතු වේ.

මිනිසුන් අතර වෛරසය පැතිරීම සිදුවන්නේ සමීප සහ දිගුකාලීන සම්බන්ධතා හරහා පමණක් බවත්, මෙය ඉන්ෆ්ලුවෙන්සාව හෝ කොවිඩ් මෙන් වාතය හරහා පහසුවෙන් පැතිරෙන රෝගයක් නොවන බවත් ලේකම්වරයා සිය නිවේදනය මඟින් පැහැදිලි කරයි.

ලංකාව තුළ ඕනෑම රෝගී තත්ත්වයක් කඩිනමින් හඳුනාගැනීම සඳහා ශක්තිමත් රෝග අවේක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක වන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික කරයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව රෝග විනිශ්චය සඳහා අවශ්‍ය සියලුම නවීන තාක්ෂණික පහසුකම් පවතින අතර කිසියම් රෝගී තත්ත්වයක් වාර්තා වුවහොත් ඒ සඳහා වහාම ප්‍රතිචාර දැක්වීමට සෞඛ්‍ය අංශ පූර්ණ සූදානමින් සිටින බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන සමඟ එක්ව කලාපීය රෝග තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බැවින් සමාජ මාධ්‍ය හරහා පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී, නිවැරදි තොරතුරු සඳහා නිල නිවේදන සහ විශ්වාසනීය මූලාශ්‍ර පමණක් පරිශීලනය කරන ලෙස නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29976,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවට ‘නිපා’ අවදානමක් නෑ ! අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවට වෛද්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගෙන් සහතිකයක්!
ලංකාවට ‘නිපා’ අවදානමක් නෑ ! අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවට වෛද්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගෙන් සහතිකයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJUh99Pg3mOgz79zgYy56UEqo76nL2AdoczPHnNaC7oL3TDfNfTkcWCkd4JuxfP_UtQCNRhYaX9O1X7_MIoVcSYg9vk03QyeSMlX1CH0ySMnoDZ67io96g4uSSxqblg9wRM3TFVAmzRIT6FIJn8PmWnIGYNeEwDZnY3W3LVre6-jlpKFNXT3RJDq05IcdL/s320/nipa-virus.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJUh99Pg3mOgz79zgYy56UEqo76nL2AdoczPHnNaC7oL3TDfNfTkcWCkd4JuxfP_UtQCNRhYaX9O1X7_MIoVcSYg9vk03QyeSMlX1CH0ySMnoDZ67io96g4uSSxqblg9wRM3TFVAmzRIT6FIJn8PmWnIGYNeEwDZnY3W3LVre6-jlpKFNXT3RJDq05IcdL/s72-c/nipa-virus.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/01/blog-post_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/01/blog-post_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy