හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගරගත කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා යොමුකළ අවස්ථාවේදී ඔහු පරීක්ෂා කර වෛද්‍ය ...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගරගත කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා යොමුකළ අවස්ථාවේදී ඔහු පරීක්ෂා කර වෛද්‍ය සහතික නිකුත් කළ වෛද්‍යවරුන් පස්දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.
එමෙන්ම අදාළ වෛද්‍යරුන් සටහන් යෙදූ ලේඛන ද විමර්ශන නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇති බව පැවසේ.
වෛද්‍යවරුන්ගෙන් අදාළ ප්‍රකාශ ගෙන ඇත්තේ අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත බවද වාර්තා වේ.
ඊට හේතුවී ඇත්තේ වික්‍රමසිංහ මහතා දැඩි අසනීප තත්ත්වයෙන් පෙළෙන බව අධිකරණයට වාර්තාකර ඇප ලබා කඩිනමින් ඔහු රෝහලෙන් පිටව යෑම සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවීම හේතුවෙන් යැයිද පැවසේ.
මේ පුවත තව අයට බලන්න

COMMENTS