දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කරදර හිරිහැර දරාගන්න බැරිය කියා ගාල්ලේ නාවික සෙබළිය එල්ලී මැරිලා
Homeගොසිප්

කරදර හිරිහැර දරාගන්න බැරිය කියා ගාල්ලේ නාවික සෙබළිය එල්ලී මැරිලා

PropellerAds

ගාල්ල, දක්ෂිණ නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සෙබළියක් නිවාඩු ලබා පැමිණ සිය නාවික හමුදා කඳවුරේම සේවය කරන තවත් නාවික හමුදා සෙබළියකගෙ...

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ සෙක්සි බිරිය ගැන ඇමරිකාවේ කටකතා
ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව රංගන හේරත්ගෙන් හැටි‍්‍රක් එකක් (video)
ලක්මි පෙරේරාගේ වෙඩින් එකේදී අතුල අමායා එක්වේ
ගාල්ල, දක්ෂිණ නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සෙබළියක් නිවාඩු ලබා පැමිණ සිය නාවික හමුදා කඳවුරේම සේවය කරන තවත් නාවික හමුදා සෙබළියකගෙන් සිදුවන කරදර ඉවසීමට නොහැකිවීම
නිසා දිවි නසා ගන්නා බවට ලිපියක් ලියා තබා සිකුරාදා (15දා) සවස සිය දිවි හානිකර ගෙන තිබේ. මෙසේ සිය දිවි හානිකර ගෙන ඇත්තේ නො. 175/බී, පන්සල අසල, මහවිල, හඹුරුගල ලිපිනයේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ අයේෂා සෞවන්දි (22) නමැති තරුණියකි. ඇය ගාල්ල, දක්ෂිණ නාවික හමුදා කඳවුරේ කාන්තා නැවි, ඩබ්ලිව්. ආර්. 1151180 යටතේ සේවය කළ අයකු බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය හඹුරුගල, ඇතුන්දාගොඩ කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක එම්.ඩී. සුනිල් ශාන්ත මහතා
විසින් සිකුරාදා (15දා) සිද්ධිය වූ ස්ථානයේදී පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (16දා) ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි පී.කේ.එස්. සිරිවර්ධන මහතා විසින් ඇල්පිටිය මූලික රෝහලේදී පවත්වන ලදී. සිද්ධිය වූ දින උදෑසන මියගිය තරුණියගේ මව, බෙන්තොට ඉලස්ටෝ ආයතනයේ රැකියාවට ගොස් ඇති අතර පියා පෙ.ව. 10.00 ට පමණ ඇලකාක මහ විද්‍යාලයේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වීම සඳහා පිටත්ව ගොස් ඇත.

පියා නැවත නිවෙසට පැමිණ ඇත්තේ එදින ප.ව. 1.30ට පමණය. එවිට සිය දියණිය ඇයගේ නිදන කාමරයේ සාරියකින් ගෙල වැලලාගෙන සිටින අයුරු දැක තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සියදිවි හානි කර ගත් තරුණිය ඇඳ මත ඇය විසින්ම ලියා තබන ලද ලිපියක් ඌරගස්මංහන්දිය පොලිසිය විසින් සොයාගෙන තිබේ. ගාල්ල, දක්ෂිණ නාවික හමුදා කඳවුරේ සේවය කරන මධුභාෂිණී නමැති අයගේ කරදර, හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව මෙම තීරණය ගත් බව එම ලිපියේ සඳහන් වේ.

තමා නිවාඩු ලැබ නිවෙසට පැමිණීමට සූදානම් වෙද්දී 'උඹ නිවාඩු ගිහින් වරෙන්කෝ, ඊට පස්සේ මම හදල ගන්නම්' යනුවෙන් මධුභාෂිණී පැවැසූ බවත් නිවාඩු අවසන්
වෙද්දී නැවත කඳවුරට යෑමට ඇති බිය නිසා මේ තීරණය ගත් බවත් ඇය විසින් ලියන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. මියගිය සෞවන්දි නිවාඩු ලැබ නිවෙසට පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි මස 6 දින පෙ.ව. 7.30ට පමණය. ඇයට 2019.02.16 දින දක්වා නිවාඩු ලබාදී ඇත. ඇය නැවත කඳවුරට යා යුතුව තිබී ඇත්තේ ඊයේ (17දා) දිනයේදීය. ඇය 15දා සවස සිය දිවි නසා ගෙන තිබෙන බවද ඌරගස්මංහන්දිය පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වූ වාර්තාව ලබන බදාදා (20දා) ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඒ මඟින් මධුභාෂිනී නමැති අයගේ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් ඌරගස්මංහන්දිය පොලිසිය කියයි. සැබෑ ලෙසම සිය දිවි නසා ගැනීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් පැති කීපයක්ම ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවද ඌරගස්මංහන්දිය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති හරිත් හල්විට මහතාගේ මෙහෙයවීම මත පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී.එම්. ඉරාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

-දම්සරී ලියනගේ-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29392,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කරදර හිරිහැර දරාගන්න බැරිය කියා ගාල්ලේ නාවික සෙබළිය එල්ලී මැරිලා
කරදර හිරිහැර දරාගන්න බැරිය කියා ගාල්ලේ නාවික සෙබළිය එල්ලී මැරිලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBSzhVHm5KzMp6acX_Z3xvRqCnC7paecPQbgj6-zLueDUrwjNo3kn69GVmpIqbTOrjl6kKKpNFLlPmZLhah6eMk5JIbjOaRxJeil-BH5zf3TUC4kXcW9UTKBbc52a7LhiTPZDGc4Z47aM/s1600/33.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBSzhVHm5KzMp6acX_Z3xvRqCnC7paecPQbgj6-zLueDUrwjNo3kn69GVmpIqbTOrjl6kKKpNFLlPmZLhah6eMk5JIbjOaRxJeil-BH5zf3TUC4kXcW9UTKBbc52a7LhiTPZDGc4Z47aM/s72-c/33.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_138.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_138.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy