දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැබිනට් සංශෝධනය අද : අමාත්‍යංශ රැසක් වෙනස් වන ලකුණු.
Homeගොසිප්

කැබිනට් සංශෝධනය අද : අමාත්‍යංශ රැසක් වෙනස් වන ලකුණු.

PropellerAds

දින ගණනක් පුරා කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනිවාර්යෙන්ම අද (25) සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවස...


දින ගණනක් පුරා කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනිවාර්යෙන්ම අද (25) සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

එහිදී අමාත්‍යධුර රැසක් මෙන්ම ඇතැම් අමාත්‍යාංශවල විශය පථයන්ද වෙනස්වීමට නියමිතය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලයත් සමග කැබිනට් සංශෝධනයක් පිළිබඳ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය.

එය සිදුවන දිනවකවානු පිළිබඳ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් අවස්ථා කිහිපයකදීම අදහස් පල කළත් ඇතැමුන් චෝදනා කළේ අදාළ සංශෝධනය කල් යෑමට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ කඹ ඇදිල්ලක් බවටය.

ඇත්ත හේතුව ?

කෙසේ වෙතත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරන්නේ එජාප අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය තනතුරු අත්හැරීමට අකමැති වීම, ඇතැම් අමාත්‍යවරුන් වගකීම් අධික අමාත්‍යධුර භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් රැසක් කැබිනට් අමාත්‍යධුර ඉල්ලාසිටීම වැනි කාරණා මෙම සංශෝධනය කල් යෑමට හේතු වූ බවයි.

ජනාධිපති කාර්යාල ආරංචිමාර්ගවලට අනුව අද පෙරවරු 11ට පමණ අදාළ කැබිනට් සංශෝධනය සිදුවන අතර එහිදී අමාත්‍යධුර රැසක් මෙන්ම ඇතැම් විශය පථයන්වලද වෙනස්කම් සිදුවීමට නියමිතව තිබේ.

මෙය වත්මන් ආණ්ඩුවේ දෙවන ඇමති මණ්ඩල සංශෝධනය ලෙස සැලකේ.

ඒ අනුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතාගේ අමාත්‍යධුර එකිනෙක හුවමාරු කිරීමටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා දැරූ කෘෂිකර්ම අමාත්‍යධුරය වෙනත් අයෙකුට පැවරීමටත් නියමිත බව වාර්තා වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය භාර ගන්නා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් ද ඉල්ලීමක් කර ඇති අතර තවමත් ඒ පිළිබඳ අවසන් එකඟතාවක් නොමැති බව පැවසේ.

පොලිසිය ෆොනී ට දෙයිද ?

එමෙන්ම නීතිය හා සාමය අමාත්‍යධුරයෙන් ඉවත්වීමට සාගල රත්නායක මහතා තීරණය කිරීම හේතුවෙන් එම ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීමට තීරණය වී ඇතත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වය විරෝධය පල කිරීම හේතුවෙන් එම තීරණය මතභේදාත්මක තත්ත්වයක පවති.

රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු පැවසුවේ එස්.බී දිසානායක, විජිත් විජයමුණි සොයිසා, දයාසිරි ජයසේකර, හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ ධුරයන්ද වෙනස්වීමට නියමිත අතර තිලක් මාරපන මහතා දරණ විදේශ කටයුතු අමාත්‍යධුරයත්, ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා දරණ වනජීවී අමාත්‍යධුරයත් වෙනත් අමාත්‍යවරුන් වෙත පැවරෙනු ඇති බවයි.

අජිත් පී පෙරේරා, හර්ෂ ද සිල්වා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් සඳහා කැබිනට් නොවන අමාත්‍යධුර පිරිනැමෙනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මංගල සමරවීර, රාජිත සේනාරත්න, චම්පික රණවක යන අමාත්‍යවරුන් දරණ අමාත්‍යංශ කිසිඳු වෙනස්වීමකට ලක් නොවන බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29391,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැබිනට් සංශෝධනය අද : අමාත්‍යංශ රැසක් වෙනස් වන ලකුණු.
කැබිනට් සංශෝධනය අද : අමාත්‍යංශ රැසක් වෙනස් වන ලකුණු.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhm4T4tr3gvDhFU0THnPc68QTc7dnNA7NrTQRDFnZcTqThb_UEPZcApDszf7j_TU82kD78caiB28uLj6R9aEb7R0iqxthMD-CGF3gvqkr1gqggu2B6eaPwxk51xVtpEOlocf69Y0BY5gUOW/s1600/Cabinet_1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhm4T4tr3gvDhFU0THnPc68QTc7dnNA7NrTQRDFnZcTqThb_UEPZcApDszf7j_TU82kD78caiB28uLj6R9aEb7R0iqxthMD-CGF3gvqkr1gqggu2B6eaPwxk51xVtpEOlocf69Y0BY5gUOW/s72-c/Cabinet_1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_176.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_176.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy