කිළිනොච්චිය ඉරණමඩු ජලාශය අසල යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිමය ඉවත් කල යුතු බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්...
කිළිනොච්චිය ඉරණමඩු ජලාශය අසල යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිමය ඉවත් කල යුතු බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා වාරිමාර්ග නිලධාරීන්ට දැනුම් දී තිබේ.
මෙම ස්ථානයේ බුදු පිලිමයක් ඉදි කරන ලද්දේ යුද හමුදාවට වන්දනාමාන කිරීමට බවත් දැන් එම ස්ථානයේ යුද හමුදාව නොමැති නිසා බුදු මැදුරක් තිබීමෙන් ඇති ප්‍රයෝජනයක් නොමැති බවද මන්ත්‍රීවරයා වාරිමාර්ග නිලධාරීන්ට දැනුම් දී තිබේ.
රුපියල් මිලියන 3200 ක වියදමකින් ඉරණමඩු ජලාශයේ සංවර්ධන හා නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නිසා ජලාශයේ ඇතුළුවන දොරටුව පුළුල් කිරීමට මෙම බුදු මැදුර පිහිටීම බාධාවක් බව පවසන මන්ත්‍රීවරයා එම බුදු මැදුර ස්ථාපිත කල යුද හමුදාව ලවාම එය ඉවත් කිරීමට පියවර ගන්නා මෙන්ද දැනුම් දී තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS