Hot!

වැලිකඩ ඝාතනය ගැන CID පරීක්ෂණ ඇරඹෙයි

වැලිකඩ ඝාතනය ගැන CID පරීක්ෂණ ඇරඹෙයි

2012 වසරේ නොවැම්බර් මාසයේදී සිදුවූ මෙම සිදුවීම හේතුවෙන් රැඳවියන් 27 දෙනෙකු මරණයට පත්විය. මෙම වෙඩිතැබීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සම්බන්ධ වූ අතර එවක පැවති රාජපක්ෂ පාලනයට සෘජුවම මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන් හා මානව හිමිකම් සංවිධාන ඇතුළු විවිධ සංවිධාන මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස රජයට දිගින් දිගටම බලකළ අතර ඔවුන් ප්‍රකාශ කළේ ඇසින් දුටු සාක්ෂි පවා තිබියදී පරීක්ෂණ කඩිනම් නොවීම ගැටලුවක් බවයි.

මෙම සිදුවීමේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වන සුදේශ් නන්දිමාල් පවසන්නේ මෙම සිදුවීමට සම්බන්ධ ආරක්ෂක අංශ සාමාජිකයන් බන්ධනාගාර නිළධාරීන්ගේද විරෝධය නොතක් බන්ධනාගාරයට ඇතුළු වී රැඳවියන් මරා දැමූ බවයි. ආරක්ෂක ලේකම්ගේ නියෝගයක් ක්‍රියාත්මක කරන බව එම ආරක්ෂක අංශ නිළධාරීන් ප්‍රකාශ කළ බව ද සුදේශ් නන්දිමාල් පවසයි.

0 comments:

Post a Comment