දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ටි්‍රලියනක් ඉතුරු කතාව කෙප්පයක්.. රට එදිනෙදා දුවන්නේ ණය අරන්..

මහා භාණ්ඩාගාරයේ ටි්‍රලියනක් පමණ ඉතිරිව තිබෙන්නේ යැයි කියන කථාව පිළිගත නොහැකි හුදු කතන්දරයක් පමණක් බවත් ආර්ථික විද්‍යාවට අනුව ශ්‍රී ලංකාවේ ...

මහා භාණ්ඩාගාරයේ ටි්‍රලියනක් පමණ ඉතිරිව තිබෙන්නේ යැයි කියන කථාව පිළිගත නොහැකි හුදු කතන්දරයක් පමණක් බවත් ආර්ථික විද්‍යාවට අනුව ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරයේ මුදල් ඉතිරිවිය නොහැකි බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (13) පැවසීය.
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ‘අයිඑම්එෆ් ප්‍රකීර්ණ විසදුම්’ කෘතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා නුගේගොඩදී (13) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

මෙරට ප්‍රධාන ජාතික ගැටලු දෙකක් ඇති අතර ආණ්ඩුවක් එදිනදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් නොමැතිවීම හෙවත් ජංගම ගිණුමේ එසේ නැත්නම් වර්තන ගිණුමේ හිඟය එහිදී ප්‍රධාන ගැටලුව බවත් 1950, 51 සහ 1977 අවුරුදු තුන හැරුණාම අබුදය ඇතිවන තෙක් සහ වර්තමානයේ ද ආණ්ඩුව එදිනදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවත් ඒ මහතා කීය.

රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ එසේ නැත්නම් වර්තන ගිණුමේ හිඟය ලෙස හදුන්වන එම හිග`යක් තියෙන විට භාණ්ඩාගාරයේ මුකුත් ඉතිරි නොවන බව කී ගුණවර්ධන මහතා ඒ නිසා කවුරු ආණ්ඩු කළත්, කවුරු රටේ ජනාධිපති වුණත් එදිනිදා වියදම් පවත්වාගෙන යෑමට ආදායමකත් නොමැති නිසා හැමදාම දේශීය සහ විදේශීය වශයෙන් ණය ගන්න මෙන්ම ණය නොගත් ආණ්ඩුවක් නැතුවා වගේම ණය නොගෙන කරන ආණ්ඩුවක් අනාගතයේ ඇති නොවන බව ද සඳහන් කළේය.

රාජ්‍ය අය වැයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක් හෝ ඊට අඩු කිරීම මෙම සියලුම අණ පනත්වලින් උත්සහ කරන බවත් අතිරික්ත එක එක ගිණුම්වල ඇති අතර ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති බවත් ඔහු කීය.

රජයේ ආදායමෙන් රජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර, එදිනදා පවත්වාගෙන යෑමට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදීගැනීමේ වියදම් දැරූ පසු පොලී වියදම් හැර වියදම වන ප්‍රාථමික ගිණුමේ සියයට 2.3 ක අතිරික්තයක් ඇති බවත් ණය පොලිය ගෙවීමෙන් පසුව ජංගම ගිණුමේ හිඟයක් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
 (යොහාන් භාසුර)
- Lankadeepa

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29795,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටි්‍රලියනක් ඉතුරු කතාව කෙප්පයක්.. රට එදිනෙදා දුවන්නේ ණය අරන්..
ටි්‍රලියනක් ඉතුරු කතාව කෙප්පයක්.. රට එදිනෙදා දුවන්නේ ණය අරන්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3Sv2uGrxRCw3ermyd927UhDsqyujxj5h0RFhfr4fSoXuzyaKBKXxTTMQfg0Qs3CI_UHShR1-e35c9oIMfBwMSYAsS2laOlbMQaFxa_ygbm9kwuyUgMDYO5pndaYcW_3d3gF_Xafv5ogD83Ig7mK70AKwt-Jy8d7tDaz9eQfnW8DJ4_xZCg7lDkMUkF1Sv/s320/Bandula.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3Sv2uGrxRCw3ermyd927UhDsqyujxj5h0RFhfr4fSoXuzyaKBKXxTTMQfg0Qs3CI_UHShR1-e35c9oIMfBwMSYAsS2laOlbMQaFxa_ygbm9kwuyUgMDYO5pndaYcW_3d3gF_Xafv5ogD83Ig7mK70AKwt-Jy8d7tDaz9eQfnW8DJ4_xZCg7lDkMUkF1Sv/s72-c/Bandula.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/11/blog-post_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/11/blog-post_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy