දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ප‍්‍රකට ගායකයාගේ සොයුරා බැංකුවක් කොල්ල කා රටින් පලා යයි..

ඒ.ටී.එම්. යන්ත්‍ර වල තැන්පත් කිරීමට රැගෙන යමින් තිබියදී පසුගිය 18 වැනිදා මිනුවන්ගොඩදී රුපියල් කෝටි හතහමාරක මුදලක් සොරා ගැනීමේ සැලසුම පිටුප...

ඒ.ටී.එම්. යන්ත්‍ර වල තැන්පත් කිරීමට රැගෙන යමින් තිබියදී පසුගිය 18 වැනිදා මිනුවන්ගොඩදී රුපියල් කෝටි හතහමාරක මුදලක් සොරා ගැනීමේ සැලසුම පිටුපස මෙරට ජනළිය ගායකයකුගේ සහෝදරයකුගේ සම්බන්ධයක් ඇතැයි හෙළිවී තිබේ.

සොරාගත් මුදලින් රුපියල් කෝටියක පමණ මුදල් ප්‍රමාණයක් එම ගායකයාගේ සහෝදරයාට ලැබී ඇති බවට තොරතුරු හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

එම මුදල් ගෝනියක දමාගෙන එම ගායකයාගේ සහෝද- රයා යතුරු පැදියකින් ගමන් කරන අයුරු ආරක්ෂක කැමරා වක පවා සටහන්ව ඇති බව නිහාල් තල්දූව මහතා කීය. ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වීමත් සමඟ ගායකයාගේ සහෝදරයා ඩුබායි රාජ්‍යයට පලාගොස් ඇති බව ද නිහාල් තල්දූව මහතා පැවසීය.

මෙම ගායකයාගේ සහෝදරයාට ලැබී ඇත්තේ සොරා ගත් මුදල් අතර තිබුණු අලුත්ම නෝට්ටු තොගයක් බව පොලීසිය සඳහන් කරයි.

එම නෝට්ටු මාරු කිරීම අවදා නම් බව සොරකමට සම්බන්ධ වූ ප්‍රධාන සැකකරුවන් බියට පත්වන විට එම නෝට්ටු තොගය ගායකයාගේ සහෝදරයා විසින් ලබාගෙන ඇති බව ද විමර්ශන වලින් අනාවරණය වී ඇතැයි නිහාල් තල්ලුව මහතා කීය.

සොරකම් සිදු කළ මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරන සිදුවේ පිහිටි ආයතනයේ රියැදුරා සහ සොරාගත් මුදල් සමඟ රියැදුරාව යතුරු පැදියකින් රැගෙන ගොස් මුදල් බෙදා ගැනීමට සම්බන්ධ වූ පුද්ගලයා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ සෙවණගල දේවාලයකදී පසුගිය 26 වැනිදා බව ගිල නොලත් තෙරතුරු සඳහන් කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් ඊයේ (28) නිකුත් කළ මාධ්‍ය නිවේදනයත සඳහන් වන්නේ ප්‍රධාන සැකකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා පෙරේදා (27) දහවල් කාලයේදී මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 167 ක් ද සොරාගත් මුදලින් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇති බව එහි සඳහන්ය.

මෙම සැකකරුවන් අවුරුදු 37 හා 40 යන වයස්වල පසුවන අය බවත් සීදුව හා උඩුගම්පොළ පදිංචිකරුවන් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

සොරකම සිදුකර පැය 24කට වැඩි කාලයක් සැකක- රුවන් දෙදෙනා ගම්පහ රැඳි නොසිට යාපනය බලා පලා ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට පැන ගැනීමට සැලසුම් කර ඇති බව පොලිසිය කියයි.

ඔවුන් එසේ රටින් පලායෑමේ සුදානමින් යාපනය බලා පිටත්ව යන අතරතුර පොලිසිය සොරාගත් මුදලින් රුපියල් කෝටි 03කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබුණේ යතුරු පැදියක් ද සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනිමිනි.

ගායකයාගේ සහෝදරයාට රුපියල් කෝටියක් හෝ ඒ ආසන්න මුදලක් ලබාදී ඇති බව කියැවෙන බැවින් සොයා ගත් මුදල් හා ගායකයාගේ සහෝදරයාට ලබාදුන් මුදල් ද සමඟ සොරාගත් මුදලින් රුපියල් කෝටි 04කට වැඩි මුදලක් ගැන තොරතුරු සමේ වන විට අනාවරණය වී තිබේ.

තවත් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් සැකකරුවන් සතුව තිබියදී සොයාගෙන ඇත. එහෙත් තවත් සොයා ගැනීමට මුදල් ඇති බව පොලීසිය කියයි.

ඔවුන් ඉන්දියාවට පැනයෑමේ සුදානමින් යාපනයට යන විට විශාල මුදලක් රැගෙන ගිය බවක් මෙතෙක් අනාවරණය වී නැත.

ඒ අනුව ගායක යාගේ සහෝදරයාට ලබාදුන් මුදල් ද සමඟ සොරාගත් ඉතිරි මුදල සොයා ගැනීමේ අභියෝගය පොලිසියට මේ වන විටඑල්ලවී තිබේ.

– ගයාන් කුමාර වීරසිංහ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29054,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප‍්‍රකට ගායකයාගේ සොයුරා බැංකුවක් කොල්ල කා රටින් පලා යයි..
ප‍්‍රකට ගායකයාගේ සොයුරා බැංකුවක් කොල්ල කා රටින් පලා යයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisIrip7ni_Q1ZbNt3kZYP3pdjpSZfUf-UHe76jIhG4MHiMaPa_SbuYk8O7xA3kffVyFKWeuvlak0zFQEVvHUxQVOM9kPZ63cGruD24My68x2bdzcVcIAMZjuU0cRdvd8IRZTrVcbAqU_PSHQIwDF8etWfTp2cPKHwAhXGglmreQMVEvcW9VgYoC9zYstN6/s320/horaa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisIrip7ni_Q1ZbNt3kZYP3pdjpSZfUf-UHe76jIhG4MHiMaPa_SbuYk8O7xA3kffVyFKWeuvlak0zFQEVvHUxQVOM9kPZ63cGruD24My68x2bdzcVcIAMZjuU0cRdvd8IRZTrVcbAqU_PSHQIwDF8etWfTp2cPKHwAhXGglmreQMVEvcW9VgYoC9zYstN6/s72-c/horaa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/11/blog-post_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/11/blog-post_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy