සුනාමියෙන් අතුරුදන්ව 16 වසරකට පසු හමු වූ බව කී අම්පාරේ දරුවාගේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකරන බවත්, ඒ සඳහා සඳුදා (0...
සුනාමියෙන් අතුරුදන්ව 16 වසරකට පසු හමු වූ බව කී අම්පාරේ දරුවාගේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකරන බවත්, ඒ සඳහා සඳුදා (05 වැනිදා) අධිකරණයෙන් අවසර ලබා ගන්නා බවත් සමන්තුරෙයි පොලිසිය පවසයි.
දරුවා හමු වූයේ යැයි කී සමන්තුරෙයි සිත්ති හමාලියා නමැති කාන්තාවත්, එම දරුවාගේ නීත්‍යනුකූල අයිතිය හිමි බව කියන අම්පාර හොල්මන්ගල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජුනයිඩීන් නූරු ඉන්ෂානි නම් කාන්තාවත්, එම දරුවාත් ඊයේ (01 වැනිදා) පොලිසියට පැමිණ සිටියහ.
දරුවාගේ උප්පැන්න සහතිකය ඇතුළු ලේඛන නූරු ඉන්ෂානි නමැත්තිය පොලිසියට ඉදිරිපත් කර තිබෙන අතර දරුවාගේ අයිතිය පෙන්වීමට හැකි නීත්‍යනුකූල ලේඛන කිසිවක් තමා සතුව නොමැති බව සිත්ති හමාලියා නමැති කාන්තාව පොලිසියට ප්‍රකාශ කර තිබේ. එහෙත් මෙම දරුවා තමන්ගේ යැයි අනුමාන කරන බවත් ඇය පවසා සිටී.
නසීන් මොහොමඩ් අස්කර් රිස්කාන් නම් මෙම දරුවාට මව්වරුන් දෙදෙනකු උරුමකම් කියන හෙයින් දරුවා ඩීඑන්ඒ පරීක්ෂාවක් සඳහා යොමු කරවීමට සිදුවන බව සමන්තුරෙයි පොලිසිය සඳහන් කරයි.
සුනාමි ව්‍යසනයෙන් වසර 16කට පසුව මවට පුතා මුණ ගැසුණු අපුරු පුවත
COMMENTS