දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
UN එකෙන් කෝටි ගණන් ගත්තත් පාසල් දරුවන්ට කන්න දීලා නෑ !
Homeප්‍රවෘත්ති

UN එකෙන් කෝටි ගණන් ගත්තත් පාසල් දරුවන්ට කන්න දීලා නෑ !

PropellerAds

පා සල් ළමුන් සදහා පෝෂණ මල්ලක් ලබා දීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් කෝටි අටක් ලබා දී තිබුනද, පාසල් ආරම්භයේදී දරුවන් වෙනුවෙ...

දෙමළ ජනතාව කුපිත කරොත් යලි යුද්ධයකට යා හැකියි - ශිවාජිලිංගම්
අන්තවාදීන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් හැදුවේ නැති වුනොත් දේශපාලනයෙන් සමු ගන්නවා - ඇමති කෙහෙලිය
ඩඩ්ලි, ගම්ලත් හා මිත්‍රපාල කන්න තුනේම වී හිරකරන් !
පාසල් ළමුන් සදහා පෝෂණ මල්ලක් ලබා දීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් කෝටි අටක් ලබා දී තිබුනද, පාසල් ආරම්භයේදී දරුවන් වෙනුවෙන් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා  අධ්‍යාපන බලධාරීන් මේ දක්වා කිසිදු වැඩ පිළිවෙලක් සකසා නොමැති බවට දිවයිනේ  ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි.

කොරෝනා වසංගත තත්වය හමුවේ මෙරට පාසල් වසා දැමීමට පෙර රජයේ පාසල් 7000 ක පමණ ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සඳහා දිවා ආහාර වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වු බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් දරුවන්ගේ දිවා ආහාර වෙනුවට පෝෂණ මල්ලක් ලබාදීමට තීරණය කළ බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ, 2020 මැයි මාසයේදී එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ පාසල් ළමුන්ට පෝෂණ මල්ලක් ලබාදීමට රුපියල් මිලියන 80 ක් ලබා දී ඇති බවයි.

පාසල් ආරම්භ කිරීමෙන් පසු පාසල තුළ දී මුඛ ආවරණ පැළදිය යුතු නැති බවට හා උණ පරීක්ෂණ කිරීම නොකළ යුතු බවට සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශ කර ඇති තත්වයක් තුළ පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ දරුවන්ට දිවා ආහාරය ලබාදීම සම්බන්ධයෙන් ද නැවත සලකා බැලීමක් සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ද ලංකා ගුරු සංගමය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

2020 ජූලි 06 දින සිට 5,11,13 ශ්‍රේණි සඳහා පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ වූ අතර, 3,4,6,7,8,9 ශ්‍රේණි ජූලි 27 දිනත්, 1 සහ 2 ශ්‍රේණි අගෝස්තු 10 දිනත් ආරම්භ වීමට නියමිතව තිබේ.

5 ශ්‍රේණිය මේ වන විටත් ආරම්භ කර තිබෙන බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අවධාරණය කරන්නේ දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ පෝෂණ තත්වය නගා සිටුවීමට ලබාදුන් දිවා ආහාර වේලද  මේ වන විට ඔවුන්ට අහිමිව ඇති බවයි.

''5 ශ්‍රේණිය මේ වන විටත් ආරම්භ කර තිබෙන බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අවධාරණය කරන්නේ දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ පෝෂණ තත්වය නගා සිටුවීමට ලබාදුන් දිවා ආහාර වේලද  මේ වන විට ඔවුන්ට අහිමිව ඇති බවයි.''

කොරෝනා  වසංගත තත්වය හේතුවෙන් මාස 3 ක පමණ කාලයක් පාසල් වසා තිබියදී ඒ  සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සැකසීමට හැකියාව තිබූ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය එවැනි ක්‍රමවේදයක් සැකසීමට කටයුතු කර නොමැතිවීම බරපතල කනගාටුදායක තත්වයක් බව ගුරු සංගම් නායකයා වැඩි දුරටත් සදහන් කරයි.

ලංකා ගුරු සංගමය ජුනි 7 අගහරුවාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර සුදුසු ක්‍රමවේදයක් යටතේ පාසල් දිවා ආහාර වැඩසටහන වහා ක්‍රියාත්මක  කිරීමට කටයුතු යොදන ලෙසයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: UN එකෙන් කෝටි ගණන් ගත්තත් පාසල් දරුවන්ට කන්න දීලා නෑ !
UN එකෙන් කෝටි ගණන් ගත්තත් පාසල් දරුවන්ට කන්න දීලා නෑ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPGwaVHGFRCIFEEclhpGUVfy3yJjofPDppFSWa0kO6RRu50-2q5MyjrFk0NSCKB2tw98XvSLkHqzG5m6d1vpieFD2kaaERTHsX2dD1KodCsLsEP7ScMcbzVw1_rGEyVjFfhifilOARFb0/s320/UN.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPGwaVHGFRCIFEEclhpGUVfy3yJjofPDppFSWa0kO6RRu50-2q5MyjrFk0NSCKB2tw98XvSLkHqzG5m6d1vpieFD2kaaERTHsX2dD1KodCsLsEP7ScMcbzVw1_rGEyVjFfhifilOARFb0/s72-c/UN.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/un.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/un.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy