කොවිඩ් -19 වයිරසය යළි පැතිර යාමේ අවදානම හේතුවෙන් මැතිවරණ ප්‍රචාරක රැලි තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරය...
කොවිඩ් -19 වයිරසය යළි පැතිර යාමේ අවදානම හේතුවෙන් මැතිවරණ ප්‍රචාරක රැලි තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
මැතිවරණ ප්‍රචාරක රැලිවලදී සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය වන බව නිරීක්ෂණයවීම මීට හේතු වී තිබේ. ප්‍රචාරක රැලි සඳහා සිටිය යුතු උපරිම සංඛ්‍යාවට වඩා ජනතාව රැස්වීම කොවිඩ් -19 වයිරසය තවදුරටත් ව්‍යාප්තවීමට රුකුලක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම ප්‍රධාන රැලි තාවකාලිකව නතර කරන ලෙස එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව ලබන 13, 14, 15 යන තෙදින ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සහභාගි වීමට නියමිතව තිබූ සියලුම මැතිවරණ ප්‍රචාරක රැලි අත්හිටුවා තිබේ.
තවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් සංවිධානය කරන සියලු හමුවීම්, කුඩා රැස්වීම් සියල්ලද සීමා කරන ලෙස උපදෙස් ලබාදී ඇත. යම් කුඩා රැස්වීම් පවත්වන්නේ නම් සෞඛ්‍ය නීතිරීතිවලට යටත්ව පවත්වන ලෙසද දැනුම්දී ඇත.
COMMENTS