දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

යහපාලන ඇමතිවරයෙක් විදුලි ව්‍යාපෘතියක් දෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් කෝටි 50ක් අරන්

යහපාලන රජයේ ඇමතිවරයෙක් සූර්ය විදුලිබල ව්‍යාපෘතියකට අනුමැතිය දෙන බව පවසා මෙරට ප්‍රමුඛ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 50 ක මුදලක් ලබාගෙන ඇත...

යහපාලන ඇමතිවරයෙක් විදුලි ව්‍යාපෘතියක් දෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් කෝටි 50ක් අරන්

යහපාලන රජයේ ඇමතිවරයෙක් සූර්ය විදුලිබල ව්‍යාපෘතියකට අනුමැතිය දෙන බව පවසා මෙරට ප්‍රමුඛ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 50 ක මුදලක් ලබාගෙන ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය.

එම ව්‍යාපාරිකයා පෙරේදා (23) පෙරවරුවේ තමන් හමුවී එම ඇමතිවරයාගේ අනුගාමිකයකුට තමන් එම මුදල ලබාදුන්නේයැයි පැවසූ බව ද සභාපතිවරයා සඳහන් කළේය.

එසේ මුදල් ලබාගැනීම මෙන්ම ලබාදීමද නීතියට අනුව වරදක් නිසා අදාළ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් නීතිය හමුවටයාමට අකමැති බව ද විජිත හේරත් මහතා කීවේය.

සභාපතිවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේදී ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම දේශපාලනඥයා සාධාරණය ගැන කතා කරමින් සෙසු නිලධාරීන් විවේචනය කරන අයකු යැයි ද විජිත හේරත් මහතා කීවේය.

මීට අමතරව පසුගිය රජය සමයේම ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතියක් වෙනුවෙන් අඩුම ලංසුව ඉදිරිපත් කර තිබූ දේශීය සමාගමට (එල්.ටී.එල් සමාගම) එම ව්‍යාපෘතිය ලබානොදී දෙවැනියට අඩුම ලංසුව ඉදිරිපත් කළ විදේශීය සමාගමට ලබා දී ඇතැයි කී සභාපතිවරයා ඊට එරෙහිව දේශීය සමාගම නඩු පැවරීම නිසා ව්‍යාපෘතිය වසර හතරක් පමාවීමෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන ගණනක පාඩුවක් වූ බව ද සඳහන් කළේය.

එහිදීද තමන්ට ව්‍යාපෘතිය අහිමි වූයේ විදේශීය සමාගම මුදල් ලබාදුන් නිසා බවට දේශීය සමාගමෙන් චෝදනා එල්ල වූ බව සභාපතිවරයා කීවේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යහපාලන ඇමතිවරයෙක් විදුලි ව්‍යාපෘතියක් දෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් කෝටි 50ක් අරන්
යහපාලන ඇමතිවරයෙක් විදුලි ව්‍යාපෘතියක් දෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් කෝටි 50ක් අරන්
http://am.lk/media/k2/items/cache/6d735a61796a7b6002985a1eb375e259_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy