එළඹෙන 25 වෙනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ නාමයෝජනා අත්සන් කිරීම් 95%ක්ම මේ වන විට නිමාවී තිබෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්...
එළඹෙන 25 වෙනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ නාමයෝජනා අත්සන් කිරීම් 95%ක්ම මේ වන විට නිමාවී තිබෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
එබැවින් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට ගොෟරවය හා ස්තුතීය පිරිනැමිය යුතු බවද ඒ මහතා පැවසීය.
පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
විශේෂයෙන් සිය පක්ෂයේ නාමයෝජනා සකස් කිරීමේදී සියලූ දිස්ත්‍රික්ක ආවරණයවන අයුරින් පාර්ලිමේන්තුව නියෝජනය කරපු හිටපු අමාත්‍යවරුන් ,මන්ත්‍රීරවරුන්, නිතීවේදීන්, ගුරුවරු, වෙද්‍යවරුන් ,කලාකරුවන්, රණවිරුන් හා පුරවැසි සංවිධාන නියෝජිතයන් යන සියලූ ක්ෂේත්‍රයන්ගෙන් සමන්විත වන බව ද ඒ මහතා පැහැදිලි කළේය.
එය මෙවර මැතිවරණයේ නව මුහුණුවරක් ගෙන තිබෙන බවද ඒ මහතා පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා,
"එදා නාමයෝජනා අත්සන් කිරීමට පිරිස් පැමිණියේ බස්පිටින්, සාමකාමී අයුරින් සිදුකරන්න හැකි හිතකර ඉඩ ප්‍රස්ථාව අප සමඟ ඒකාබද්ධ වු සියලූම පක්ෂත් සමඟ කටයුතු කරන්න අපිට හැකිවුනා. නමුත් අද එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජනබලවේගයත් කියනමේ කොට්ඨාස දෙකටම 19 වෙනදාට පෙර නාම යෝජනා භාරදීමට තිබුනත් නාමයෝජනා සකස් කිරීමට, භාරදීමට පවා නොහැකි තත්වයක් බවට පත්වෙලා. පක්ෂය තුළ ඇති විවිධ අර්බුද හමුවේ සියල්ල අඩපණ වී ඇතිබවයි පෙනෙන්නේ. පක්ෂයේ නාම යෝජනා අත්සන් කළ අය සමගි ජනබලවේගයේ අත්සන් කරන තත්වයට පත්වෙලා. මේ අතරේ සජිත් ප්‍රේමදාස මහතා උත්සහ කරන්නේ මෙම වෛරසය හරහා තමන්ගේ දේශපාලන බංකොලොත් භාවය යටපත්කරන්න. සජිත් ප්‍රේමදාස මහතා දැන් අහනවා මෙම වෛරසය මැඩළන්න මේ ආණ්ඩුව මොනවාද කළේ කියලා."
COMMENTS