කො ළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් පැහැර ගත්තේ යැයි චෝදනා එල්ල වන දිනය එනම් නොවැම්බර් මස 25 වැ...
කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් පැහැර ගත්තේ යැයි චෝදනා එල්ල වන දිනය එනම් නොවැම්බර් මස 25 වැනි දින එවන් පැහැරගැනීමක් සිදුවීම් වූ බවට කිසිදු තොරතුරක් නැතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
එම තානාපති කාර්යාලයෙන් දැනුම් දුන් වේලාව වන සවස 04.30-06.00 අතර කාලයේදී ඔවුන් පැවසූ කිසිදු ස්ථානයක එවන් සිදුවීමක් ද සිදු වූ බවට තොරතුරක් නැති බව දත්ත විශ්ලේෂණයෙන් තහවුරු වී ඇතැයිද ඔහු පැවසීය.
මේ බව කොළඹ ස්විට්සරලන්ත තානාපතිවරයාට දැනුම්දුන් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
ඒ හේතුවෙන් එකී වින්දිත තැනැත්තියගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම ඉතාම අවශ්‍ය වන බවද පවසන අජිත් රෝහණ මහතා එවන් සිදුවීමක් සිදුවීම් සිදු වී නැත්නම් ශ්‍රී ලංකාවේ ගෞරවය සහ නීතියේ ගෞරවය වෙනුවෙන් සත්‍ය තොරතුරු පැහැදිලිව හෙළිකර ගත යුතුව ඇතැයි ද සදහන් කරයි.
අදාල තැනැත්තියට තානාපති මුක්තිය හිමි නොවන බවත් විදේශීය ජාතික කාන්තාවක්ද නොවන බවත් එනිසා ඇයද ශ්‍රී ලංකාවේ නීතියට වගවිය යුතු බවද ඔහු තව දුරටත් කියා සිටියේය.
lankacnews

COMMENTS