දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ගෝඨාභය අත්අඩංගුවට ගන්න සූදානම්.. අද කුමන්ත‍්‍රණයක් !

ධී වර පවුල් සාමාජික සාමාජිකාවන්ගේ අනු සංවිධාන ජාතික සම්මේලනය කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්විනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක...

ධීවර පවුල් සාමාජික සාමාජිකාවන්ගේ අනු සංවිධාන ජාතික සම්මේලනය කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්විනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම සම්මේලනය සඳහා ධීවර වෘත්තියේ නියැලෙන්නන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.

එහිදී අදහස් දක්වූ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා

ශ‍්‍රී ලංකාව පුරා විසිරී සැම පළාතකම ජීවත්වන අපේ සහෝදර ධීවර ප‍්‍රජාව නියෝජනය කරමින් අද මෙම සමුළුවට දහස් ගණනින් සහභාගීවන ඔබ සියලූ දෙනා වෙත මගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්වන අතර, විපක්ෂය වෙනුවෙන් ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන්ද ඔබ පිළිගනු ලබන බවත් ඉතා සතුටින් සඳහන් කරන්න කැමතියි.

අවුරුදු කිහිපයක් අප රටේ ධීවර ක්ෂේත‍්‍රය භාරව කටයුතු කළ ඔබේ අමාත්‍යවරයා වශයෙන් අද දින ඔබ සමඟ මෙවැනි අදහස් හුවමාරුවක් ඇති කර ගැනීමට හැකි වීම ගැනත් මා බෙහෙවින්ම සතුටට පත් වෙනවා.

පසුගිය සති කිහිපය මුළුල්ලේ අප රටේ විවිධ ක්ෂේත‍්‍රයන් හි නියැලී සිටින ඔබ වැනි ශ‍්‍රී ලංකා ආර්ථිකයේ කොටස්කරුවන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටිනවා.

විශේෂයෙන් තව මාස කිහිපයකින් ඔබ ඇතුළු මේ රටේ පොදු මහජනතාව විසින් ගොඩනැගීමට බලාපොරොත්තු වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායකත්වයෙන් යුතු සන්ධාන රජයක ඉදිරි වැඩපිළිවෙල ගැන, සලසුම් ගැන, ඔබ දැනුම්වත් කිරීම සහ ඔබගේ අදහස් ලබා ගැනීම මේ රැුස්වීම් මාලවේ අරමුණයි.

ඔබ බොහෝ දෙනා දන්නා පරිදි 1964 ඔක්තොබර් 01 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි ලංකා ධීවර සංස්ථාව විසින් ධීවර ක්ෂේත‍්‍රයෙහි ඉටුකළ යුතු ආර්ථික ක‍්‍රියාකාරකම් මාලාව ගැනත්, ධීවර ප‍්‍රජාව වෙත ඉටු විය යුතු සේවාවන් ගැනත්, මත්ස්‍ය නිෂ්පාදනය, අළෙවිය, පිරිසැකසීම සහ ඊට අදාල අනෙකුත් ක‍්‍රියාකාරකම් ගැනත් සවිස්තරව සඳහන් වෙනවා.

ශ‍්‍රී ලංකාවේ පිහිටීම, දිවයින වටා තිබෙන මත්ස්‍ය සම්පතින් අනූන මහා සාගරය, රට අභ්‍යන්තරයෙහි ස්වභාවයෙන්ම පිහිටා තිබෙන මහා ජලාශ, මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිකරන ලද මහා ජලාශ මෙන්ම ගංඟා, විල් සහ කුඩා වැව් ආදිය ගැන සලකා බලන විට මෙතරම් ධීවර සම්පතින් අනූන වූ රටකට මේ දක්වාම මත්ස්‍ය සම්පතින් ස්වයංපෝෂිත වීමට නොහැකි වීම ප‍්‍රශ්ණයක්.
පේ‍්‍රමදාාස මහත්තයාගේ කාලයේ මිරිදිය මත්ස්‍ය ව්‍යපාරය දියුණු වෙන කොට තහනම් කළා.

ඒවායින් අපි සැලූනේ නැහැ. අපි බහුදින යාත‍්‍රා හදුන්වා දුන්නා. සමාගම් හදුන්වා දුන්නා. සමාගම්වලට සභාපතිවරු පත්කලා. බහුදින යාත‍්‍රා දුන්නට පස්සේ මාලූ අල්ලනවාට වඩා ඕස්ටේ‍්‍රලියාවේ ඉතිලියේ තමයි ගියේ. කෙමේවෙතත් ධීවර ජනතාවගේ ජිවන නගා සිටුවන්න අපි පියවර ගත්තා.

ඔබ අතර සිටින බොහෝ අයට මතක ඇති මා කම්කරු අමාත්‍යවරයා වශයෙන් සේවය කරමින් සිටියදි කම්කරු ප‍්‍රඥප්තිය නීතිගත කරනවාත් සමඟම මම එම අමාත්‍යාංශයෙන් ඉවත් කර ධීවර ඇමතිවරයා වශයෙන් පත් කළ අවස්ථාව. ඒ කාලයේ සමහර උදවිය හිතන්නටත් ඇති මා මහමුහුදට තල්ලූ කර දැම්මා කියා. එහෙත් කරදියෙහි මෙන්ම මිරිදියෙහි ද පිහිනන්නට මට හැකියාව තිබූ බැවින් ඒ සියලූ අභියෝග මැඩගෙන ධීවර කර්මාන්තය එදා වැටී තිබුණු තත්ත්වයෙන් ගොඩ ගැනීමට අපට හැකියාව ලැබුනා.

ධීවර කර්මාන්තයේ යෙදි සිටින කාන්තාවන් වෙනුවෙන් විශේෂ වැඩපිළීවෙල සකස් කළා. ධීවර නිවාස වැඩ පිළිවෙල ම`ගින් පොල් අතු පැලවල් උළු වහල බවට පත්කලා. වැඩ පිළිවෙලක් දියත් වෙන අවස්ථාවේ අමාත්‍යංශය වෙනස් වුනා. අදත් එ් වගේම ධීවර ප‍්‍රශ්න තිබෙනවා. රටේ දේශශපාලනයත් එක්ක අද ජනතාව මුහුණ දීලා තියෙන ප‍්‍රශ්න මොනවාද? අමාත්‍යංශය වගකීම් අතහැර දාලා. කර්මාන්තය පිළිබද අවබෝධයක් නැති කමයි තියෙන්නේ. මේවා වෙනස් විය යුතුයි.

ධීවර ජනතාවට රටේ ප‍්‍රශ්න ගැන අවබෝධයක් තිබෙනවා. දේශපාලනය ගැන අවබෝධයක් තිබෙනවා. මේ තත්ත්වයට වගකිව යුත්තේ කවුද? බලයට ආපු හැටියේ ව්‍යවස්ථාව වෙනස් කරලා බල කේන්ද්‍ර දෙකක් හදලා. මේ ජනාධිපති හා අගමැති අතර සටනත්, පළිගැනීමට කුමන්ත‍්‍රණ කිරීමත් නිසා රටට කිසිවක් කරන්න බැරි වුනා. අදත් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්න ක‍්‍රමයක් හොයනවා.

අද වෙනකල් එ් අයගේ අපේක්ෂකයා තෝරාගෙන නැහැ. දැන් සජිත් පේ‍්‍රමදාසයි එ් අයගේ අපේක්ෂකයා කියනවා. මේ දෙන්නගේ ගැටුම නිසා එජාපය දෙකට බෙදුනා. එ් ප‍්‍රශ්නය ගමට ආවා. මේ විදියට අගමැති ජනාධිපති අතර ගැටුමක් තියාගෙන කිසිම ප‍්‍රශ්නයක් විසදන්න ශක්තියක් බලයක් නැහැ. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. එක ප‍්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්න හැකියාව තිබෙන නායකයින් පත්කර ගත යුතුයි. එ් සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කරලා තිබෙනවා.

අද නොයෙක් බොරු ප‍්‍රචාර දියත් වෙනවා. උතුරේ සිටින ධීවරයාට අද දින ගානක් සීමා වෙලා. රටේ යුද්ධයක් නැති වුනත් මෙහෙමෙ වෙන්නේ කොහොමද? ඉන්දියාව එක්ක සාකච්ඡුා කරලා අපේ ධීවරයා රැුක ගැනීමේ වැ පිළිවෙලකට අපි සූදානම් විය යුතුයි. ධීවරයා ගැඹුරු මුහුදේ නව තාක්ෂණය භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන වැඩ පිළවෙලසකස් කළ යුතුයි. මීට වඩා නවීන ක‍්‍රම භාවිතා කරන්න ජනතාවට පහසුවෙන් බෝට්ටු ලබා ගැනීමේ හැකියාව ඇති කළ යුතුයි. නෝර්වේ රාජ්‍යයේ ධීවර කර්මාන්තය ඉතා දියුණුයි.

ඔබේ මත්ස්‍ය සම්පතට හොද මිලක් වගේම පාරිභෝගිකයාට පහසු මිලක් යටතේ මාලූ මිලදී ගැනීමේ හැකියාවත් තිබිය යුතුයි. ඔබේ රක්ෂණ ක‍්‍රම මීට වඩා ශක්තිමත් කළ යුතු බවත් අපි විශ්වාස කරනවා. මේ වෙනස ඇති කිරීමට ඔබ සූදානම් වෙන්න. සමාජය ඉල්ලන වෙනස ඇති කරන්න ඔබ පියවර ගනියි කියලා අපි විශ්වාස කරනවා.

එජාපයට වැඩක් හරියට කරන්න බැරි බව අද ඔප්පු කරලා තියෙනවා. මහ බැංකු මංකොල්ලයේ සිට සියලූ දෙයට රනිල් වික‍්‍රමසිංහ වගේම සජිත් පේ‍්‍රමදාසත් වගකිව යුතුයි. අපි එ්කට සම්බන්ධ නැහැ කියලා කිසිවෙකුට මග හරින්න බැහැ. ඔවුන් එකට හවුලේ රටේ ආර්ථිකය විනාශ කලා. රට නැවත ගොඩ නගන්න ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්වෙන්නැයි අපි ඔබට ආරාධනා කරනවා

එහිදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා

ධීවර කරර්මාන්තය කෘෂි කර්මාන්තය වගේම අපේ ආර්ථිකයට වැදගත්, අපේ සංස්කෘතිය හා බැදුනු දෙයක්. අපේ රට වටාම මුහුද. ධීවර කර්මාන්තයෙන් විශාල ප‍්‍රමාණයක් යැපෙනවා. ධීවර කර්මාන්තයේ යෙදි සිිටින අයගෙන් ධීවර කර්මාන්තය ගැන ඇහුවොත් කියන්නේ අපේ ප‍්‍රධාන විදේශ විනිමය ලබා ගන්න කර්මාන්තය බවට ධිවර කර්මාන්තය දියුණු කළ හැකි බවයි. නමුත් ඇයි එය මෙතෙක් කළ නොහැකි වුනේ.

මහින්ද රාජපක්ෂ මහතා ධීවර ඇමැති වශයෙන් ධීවර කර්මාන්තය දියුණු කරන්නත් ධීවර ජනතාවගේ ජිවිත දියුණු කරන්නත් විවිධ දේ කළා. නමුත් විවිධ රජයන්වල වෙනස් වන ප‍්‍රතිපත්ති නිසා ධීවර කර්මාන්තය පසුබැස්මකට ලක්වුනා. අපි ධිවර කර්මාන්තය දියුණු කළ යුතුයි.

ධීවරයින්ට විශාල ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නේ විදේශ රටවලින් ධීවර බෝට්ටු පැමිණීමයි. උතුරු නැගෙනහිර පළාත්වල මේ විදියට විදේශීය ධීවර බෝට්ටු විශාල වශයෙන් පැමිණෙනවා. මම ආරක්ෂක ලේකම් සමයේ අපේ ධීවරයින් ආරක්ෂා කරන්න නාවික හමුදාව යොදවන්නත් පියවර ගත්තා. නමුත් අපේ ධීවරයින්ගේ බෝට්ටු වලට වඩා විශාල බෝට්ටු එන අවසථා තියෙනවා. අපේ ධීවරයින්ට ලැබෙන්න තියෙන ආදායමයි මේකෙන් ගිලිහෙන්නේ. මේ සදහා ක‍්‍රමවේදයක් අනිවාර්යයෙන්ම සැකසිය යුතු වෙනවා. ඉන්දියාව වගේම වෙනත් රටවලින් එන මේ බහුදින යාත‍්‍රා නිසා අපිට විදේශ විනිමය අහිමි විමක් වගේම ධීවරයින්ගේ ආදායම අහිමි වීමකුත් සිද්ධ වෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දියාව සම`ග සාකච්ඡුා කළ අවස්ථාවේ ඔවුන් කිව්වේ මෙය මානුෂිය ප‍්‍රශ්නයක්. ධීවරයින් මසුන් සොයා ගෙන යන එක සාමාන්‍යයි කියලයි. නමුත් අපි කිව්වා වසර ගණනාවක් යුද්ධයෙන් බැට කාපු උතුරු නැගෙනහිර ධීවරයින් තමයි මෙයින් බැට කන්නේ කියලා. අපි නාවික හමුදාව යොදවපුවාම චෝදනා එල්ල වුනා. කෙසේ වෙතත් ධීවරයා ආරක්ෂා කරන්න, විධීමත් සැලැස්මක් අවශ්‍යයි.



ධීවර කර්මාන්තය නවීකරණය කළ යුතුයි. මසුන් සිටින ස්ථාන හදුනා ගැනීම, මසුන් අල්ලන ක‍්‍රම වගේම ගබඩා කිරීම සම්බන්ධයෙනුත් තිබෙන නවීන ක‍්‍රම හදුන්වා දී ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යා යුතුයි. එ් වගේම පිටරටින් මාලූ ගෙන එ්මත් අද වෙනකොට චෝදනාවක්. මේවාට බද්දක් අය නොකලත් අපෙන් ගෙනියන මාලූවලට බදු ගෙවන්න වෙනවා. මේ හේතුව නිසා ක‍්‍රමයෙන් ධීවර කර්මාන්තය පහත වැටෙමින් තිබෙනවා. අපේ රටේ ධීවර කර්මාන්තයේ මිරිදිය මසුන් ඇති කිරීම මගිනුත් ඉස්සන් ඇති කිරීම මගිනුත් විශාල ආදායමක් ලැබීමේ හැකියාව තිබෙනවා. මේවාට රජයන් විසින් විසදුම් නොදුන් ප‍්‍රශ්න තිබෙනවා. නව තතාක්ෂණය හදුන්වා දෙනවා වගේම ව්‍යවසායකයින්ට ආධාර කර මේ කර්මාන්තය නගා සිටුවීමටත් අවශ්‍යයි. අපේ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාරයක් සපයනවා වගේම විශාල විදේශ විනිමයක් ලබා දිය හැකි කර්මාන්තයක් නිසා රාජ්‍ය අනුග‍්‍රහය දීවර කර්මාන්තයට වැඩි වශයෙන් ලබා දිය යුතුයි.

සහනදායි නය පහසුකම් යටතේ බෝට්ටු නවින් පහසුකම් ලබා ගැනීමට අවස්ථාව දිය යුතුයි. සුරතල් මසුන් ඇති කිරීමත් නව ප‍්‍රවණතාවයක්. මේ සියල්ල ආදායම් ලැබිය හැකි කර්මාන්ත. මේවාට රාජ්‍ය ප‍්‍රතිපත්තියක් නොතිබීම නිසා කාලයක් දියුණු වුනු කර්මාන්ත කඩා වැටෙනවා. විශේෂයෙන්ම ධීවර කර්මාන්තයේ යෙදන අයගේ පවුල්වල සුබ සාධනය සදහා රජය මැදිහත්ව නිවාස ලබා දීමක් වුනා. ¥ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අවස්ථාව දුන්නා.

විශේෂයෙන්ම අද රටක් විදියට සෑම ක්ෂේත‍්‍රයකම පසුබැස්මක් සිදුව තිබෙනවා. මේ නිසා හැම ක්ෂේත‍්‍රයකින්ම ආර්ථීකය කඩා වැටිලා. නිසි සැලැස්මක් නැතිව රට පාලනය කිරීමයි මෙයට හේතුව. ත‍්‍රස්තවාදය අවසන් කර රට වරායන් ඇති කරමින් සීඝ‍්‍ර දියුණූවක් කරා ගෙන යමින් තිබුණු අවස්ථාවක ආණ්ඩුව වෙනස් වුනා. මේ ආන්ඩුව බලයට ඇවිත් කිසිදු හේතුවක් නැතිව එ් සංවර්ධන කටයුතු නතර කළා. මේ හේතුව නිසා එ්වායේ වැඩ කළ කොන්ත‍්‍රාත්කකරුවන් සහ සැපයුම්කරුවන්ගේ ව්‍යාපාර කඩන් වැටුනා. මේ නිසා ලක්ෂ හතරකට විතර රැුකියා අහිමි වුනා. මේ විදියට ව්‍යාපාර ක්ෂේත‍්‍රය කඩා වැටුනාම නැවතත් ව්‍යාපාර ආරම්භ කිරීම අසීරුයි. අපි ආරම්භ කරපු සෑම ව්‍යාපාරයක්ම රටට ලාභ ලැබිය හැකි ව්‍යාපාර. වරායක් කියන්නේ එ් ආශී‍්‍රත ප‍්‍රදේශවල කර්මාන්ත ඇති කර විදේශ විනිමය වගේම රැුකියා රැුසක් ඇති කරන්න තිබුණු අවස්ථාවක්. ගුවන් තොටුපලත් එ් වගේමයි. මේවා අතර සම්බන්ධතාවය ම`ගින් රැුකියා වැඩි කිරීමේ සැලැස්මක් තිබුණා. සංවර්ධනය ඇණ හිටීම නිසා මේ සියල්ල කඩා වැටුනා. නමුත් විකුණා ලැබූ මුදල්වලින් අඩු තරමේ ණය ගෙවීමට හෝ පියවර අරන් නැහැ. දැන් අපි ණය ගෙවිය යුතුයි වගේම එ් සම්පත්වල අපිට කිසිම අයිතියකුත් නැහැ. එදා තිබුණු රජය සමච්ඡුලයට ලක් කරන්නයි සංවර්ධනය නතර කලේ. වායුසමීකරණය කළ ගුවන් තොටුපලේ වී ගබඩා කලේත් එ් නිසයි.

සෑම දෙයක්ම විදේශයෙන් ගෙන්වීම නිසා දේශීය ගොවියා අපහසුතාවයට පත්ව සිටිනවා. නව රජයක් තුළ හොද ආර්ථීක සැලැස්මක් අපිට තිබෙනවා. ජනතා කේන්ද්‍රීය නව සැලැස්ම ම`ගින් සෑම ක්ෂේත‍්‍රයකම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම අපේ බලාපොරොත්තුවයි. තරුණ පිරිසට හොද වේතනයක් ලැබිය හැකි නිපුණතාවයක් ලබා දීමත් අවශ්‍යයි. දේශිය කර්මාන්තකරුවන් ගොවියා හෝ ධීවර කර්මාන්තකරුවා හෝ වේවා අපි ආරක්ෂා කර ගත යුතුයි. දියුණූ වන ලෝකයේ තිබෙන අවස්ථාවන් අපි භාවිතා කළ යුතුයි. විශේෂයෙන්ම ආසියානු රටවලට දියුණු වෙන්න තිබෙන අවස්ථාවන් භාවිතා කරන අතරේ නව තාක්ෂණය රටට ගේනවාත් සම`ගම දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කරගෙනයි ආර්ථිකය මෙහෙයවිය යුත්තේ.

ලෝකයේ දියුණූවත් සම`ග රැුකියා නිෂ්පාදනය කරන්න ව්‍යවසායන් ඇති කරන්න අවස්ථා රැුසක් අපිට තිබෙනවා. එ් සදහා අවශ්‍ය දැනුම නිපුණතාවය අපි වැඩි කර ගත යුතුයි. අපේ සැලැස්ම තුළ කිසිදු තරුණ තරුනියක් අතරමං වෙන්න ඉඩ තියන්නේ නැහැ. සාමාන්‍ය පෙල අසමත් වීම නිසා විශාල පිරිසක් අතරමං වෙනවා. උසස් පෙල අසමත් වීම නිසාත් අතරමං වෙනවා. උසස් පෙල සමත් වෙලත් තෘතීය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව නැති කමින් අතරමං වෙනවා. විශ්ව විද්‍යාලයේ ගිහින්ලත් කළා අංශයේ අය අතරමං වෙනවා. නමුත් ලෝකයේ අතරමං නොවී ඉදිරියට යන්න අවස්ථාව තිබෙනවා. එ් සදහා කෙටි කාලීන පියවර මෙන්ම දිගුකාලීන පියවර අපි අනුගමනය කළ යුුතුයි.

මෙවැනි හදුනාගත් ක්ෂේත‍්‍ර ස`දහා ආයෝජනය කරන්න තිබෙන බාධාවන් ඉවත් කර ව්‍යවසායකයින් දිරිගැන්වීමේ සැලැස්මක් අපි හදුන්වා දෙනවා. මේ හැම ක්ෂේත‍්‍රයක්ම අධ්‍යයනය කරලා අපි සැලසුම් හදලා තිබෙන්නේ. සැලසුම් හදනවා වගේම එ් සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව තිබෙන බව අපි පෙන්වලා තිබෙනවා.

වසර 30ට අධික කාලයක් විවිධ රජයන් යටතේ, ජනාධිපතිවරු යටතේ ඇදෙමින් තිබුණු ත‍්‍රස්තවාදය අපි අවසන් කරලා පෙන්වූවා. රටේ යටිතල පහසුකම් වැඩි දියුණු කරලා රැුකියා අවස්ථා වැඩි කළා. එ් වගේම අපිට වැඩ කරන්න පුලූවන් හොද කණ්ඩායමක් හිටියා. අපි ඔවුන්ට නිසි නායකත්වයක් දීලා දිරි ගන්වලා සෑම ක්ෂේත‍්‍රයකම දියුණුවක් ඇති කරලා පෙන්වුවා. ආර්ථිකය හදන්න නිසි සැලසුම් අපිට තිබෙනවා. සෑම ක්ෂේත‍්‍රයකම ප‍්‍රශ්න විසදන්න නම් ආර්ථීකය දියුණු කරන්න පියවර ගැනීම ඉක්මනින් කළ යුතුයි.

නිසි නායකත්වයක් යටතේ මේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. රටේ ආරක්ෂාව ස්වෛරීත්වය සංවර්ධනය ආර්ථීකය ඉදිරියට ගෙන ගොස් එ් හරහා සෞභාග්‍යමත් රටක් බිහි කරන්න අපි සම`ග එක් වන්නයි ආරාධනා කරනවා. ඔබට අප කෙරේ විශ්වාසය තැබීමේ හැකියාව තිබෙනවා. කරන්නට බැහැ කියපු දේවල් අපි කරලා පෙන්වලා තිබෙනවා. ඉදිරි මැතිවරණවලදී ජනතාවට සෞභාග්‍යමත් රටක් බිහිකිරීම සදහා අපත් සමඟ එකතු වෙන්නයි අපි ආරාධනා කරනවා.

– SLPP Media

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාභය අත්අඩංගුවට ගන්න සූදානම්.. අද කුමන්ත‍්‍රණයක් !
ගෝඨාභය අත්අඩංගුවට ගන්න සූදානම්.. අද කුමන්ත‍්‍රණයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjz2GhJy7aQafsYM_C9ID-oVKCwcpTk5cgH9NuRnS8_apTtbDijIY6-Y_J1ltSFj0-GPot3DrgBBbJrN8a2IvLRc0el-zsuX3GlsO2iS8tVXp28vgqpjtroVbPQ7A-5RsPH9tmLSesBHYp_/s320/mahinda-gota-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjz2GhJy7aQafsYM_C9ID-oVKCwcpTk5cgH9NuRnS8_apTtbDijIY6-Y_J1ltSFj0-GPot3DrgBBbJrN8a2IvLRc0el-zsuX3GlsO2iS8tVXp28vgqpjtroVbPQ7A-5RsPH9tmLSesBHYp_/s72-c/mahinda-gota-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_403.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_403.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy