බුද්ධි වාර්තා අනුව පාර්ලිමේන්තුවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ...
බුද්ධි වාර්තා අනුව පාර්ලිමේන්තුවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කරමිනි.
එම සම්පුර්ණ ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.
දිවයිනේ පවත්නා වත්මන් ආරක්ෂක තත්ත්වය මෙන්ම බුද්ධි වාර්තා අනුව පාර්ලිමේන්තුවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති හෙයින්,පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ගරු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කිරීම පිණිස, එහි ආරක්ෂක කටයුතු තවදුරටත් දැඩිකිරීම අත්‍යවශ්‍ය බව පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු සමාලෝචනය කිරීම සඳහා 2019-04-23 දින ආරක්ෂක ප්‍රධානීන් සමඟ පැවැති රැස්වීමේ දී දැඩි අවධාරණයෙන් යුතුව තීරණය කරන ලද බව දන්වනු කැමැත්තෙමි.
ඊට අනුකූලව, පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක විධිවිධාන දැඩිකිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවට මා විසින් වේත්‍රධාරීවරයා වෙත නියෝග කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම පිණිස, ම’විසින් නිකුත් කරන ලද, අංක එස්ඒ/ඒ/07 හා 2019-05-02 දිනැති ලිපිය,
· තැපැල් මඟින් එවීමටත්,
· විද්‍යුත් තැපෑල මඟින් එවීමටත්,
කටයුතු කර ඇති අතර අද දින සභා ගර්භයේ දී, සියලුම මන්ත්‍රීවරුන්ගේ සභා මේසය මත තැබීමට ද, පියවර ගෙන අති බව දන්වනු කැමැත්තෙමි. නව ආරක්‍ෂක වැඩපිළිවෙළ සම්බන්ධව 2019-05-06 දින පැවැති රැස්වීමේ දී, පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂ නායකවරුන් දැනුවත් කරන ලද අතර ඊට පක්‍ෂනායකවරුන් විසින් පූර්ණ එකඟතාවය පළ කරන ලදී.
මෙම ආරක්‍ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී, වේත්‍රධාරීවරයා සහ ආරක්‍ෂක නිලධාරීන් වෙත දැනට පවතින තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වන තෙක් පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමි.
– කතානායක මාධ්‍ය අංශය

COMMENTS