ඊයේ දිනයේ පාර්ලිමේන්තු සබා ගැබ ඇතුලතදී ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා විස...
ඊයේ දිනයේ පාර්ලිමේන්තු සබා ගැබ ඇතුලතදී ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා විසින් අමු තිත්ත කුනුහරුපයෙන් බැණ වැදී තිබේ.
අනුර ප‍්‍රියදර්ශණ, ලක්‍ෂමන් යාපා, නිමල් ලංසා යන මන්ත‍්‍රීන් තිදෙනා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන කතාබහ කරමින් සිටියවදී දයාසිරි ජයසේකර මහතා විසින් ලංසා මහතාට චෝදනා කර ඇත්තේ අයවැය විවාදයේදී ශ‍්‍රීලනිප ස්ථාවට සම්බන්දයෙන් මාධ්‍ය වෙත පල කල අදහස් සම්බන්ධයෙනි.
තමන් උසාවි ගොස් එද්දී මාධ්‍ය විසින් කල විමසීමකට පිලිතුරු දුන් බව නිමල් ලංසා පවසද්දී ජයසේකර මහතා දිගටම ඔහු දොස් පවරා ඇත. ඉන් කෝපයට පත් මන්ත‍්‍රී නිමල් ලංසා අමු තිත්ත කුණුහරුපයෙන් සභා ගැබ තුලදීම මහ ලේකම්වරයාට බැණ වැදී ඇති අතර මෑතකදී හෘද සැත්කමකටද ලක් වූ ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.
ඉන් ටික වේලාවකට පසු පාර්ලිමේන්තු ලොබියේදී දයාසිරි ජයසේකර මහතා ලක්‍ෂමන් වසන්ත මහතා සමගින් කියා තිබුනේ තමන් චෝදනා කලේ වෙන අයෙකුට වුවත් ලංසා වැරදි තොප්පියක් දමාගත් බවත්ය. මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා මෑතකදී ජන හමුවක කියා සිටියේ ශ‍්‍රීලනිප හොරිකඩයන් සිටිනා තාක් කල් අයවැය පරාජය කල නොහැකි බවයි.
අප වෙත මෙම තොරතුරු හෙලි කල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පක්‍ෂ මහ ලේකම්වරයෙකුට මෙතරම් අමු තිත්ත කුණුහරුපවලින් කිසිදා බැණ වැදී නැති බවයි.

COMMENTS