දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රටට හොඳ නැති ව්‍යවස්ථාවක් සම්මත කරගන්න ආණ්ඩුවෙන් යටිකූට්ටු වැඩක්

Loading... පාර්ලිමේන්තුව තුළ කලහකාරි ලෙස හැසිරුණු බවට චෝදනා ගොනුකරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනකු...


Loading...

පාර්ලිමේන්තුව තුළ කලහකාරි ලෙස හැසිරුණු බවට චෝදනා ගොනුකරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනකුට පාර්ලිමේන්තුව මාසයක කාලයකට තහනම් කර අය _ වැය සහ රට අහිතකර අණපනත් කිහිපයක් සම්මත කරගැනීමේ සැලසුමක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයෝ කීපදෙනෙක්ම 'ඉරිදා මව්බිම'ට පැවැසූහ.
පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිවලදී කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනකු සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙතුන් දෙනකුගේ පමණක් පාර්ලිමේන්තුවට පැමිණීම මාසයක කාලයකට තහනම් කිරීමේ සූදානමක් පවතින බවත් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නාම ලේඛනය නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් ලබන සතියේදී කථානායක කරු ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා 'ඉරිදා මව්බිම'ට පැවැසීය.
මැතිසබය තුළ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙනවා නම් මුලින්ම පරීක්ෂණ පැවැත්විය යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය මහත්වරුන් සම්බන්ධයෙන් බව රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුව තුළ කලහකාරි තත්ත්වයක් ඇතිවීම සඳහා ප්‍රථමයෙන්ම වගකිවයුත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් බවද මැතිසබය තුළට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනකු පිහි රැගෙන ඒම සම්බන්ධයෙන් කථානායක ජයසූරිය මහතා නිසි ක්‍රියාමාර්ග නොගත් බවත් ඒ ගැන දැනටමත් කථානායකවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (රහස් පොලිසියට) පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරි සිද්ධි සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තා 2ක් ලබන සතියේදී කථානායක වෙත භාරදීමට නියමිතය.
එක් වාර්තාවක් සකස් කර තිබෙන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකින් වන අතර අනෙක් වාර්තාව සකස් කර තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) මඟිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් 21 දෙනකුට පාර්ලිමේන්තුවේ රැස්වීම්වලට සහභාගි වීම මසකට තහනම් කිරීමට තීරණයක් ගතහොත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත විරෝධතාවක් ගෙන යෑමට තීරණයක් ගෙන තිබෙන බවද රංජිත් සොයිසා මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.
-මවිබිම පුවත්පත

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28600,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටට හොඳ නැති ව්‍යවස්ථාවක් සම්මත කරගන්න ආණ්ඩුවෙන් යටිකූට්ටු වැඩක්
රටට හොඳ නැති ව්‍යවස්ථාවක් සම්මත කරගන්න ආණ්ඩුවෙන් යටිකූට්ටු වැඩක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6euiRWtBkDWT6KEinQgxy1ZgwGe9mHxKoN6RJ2OTyYNY8z62ZYYprQxyFo7wGuWNWia3soHMaU9OcNygVCTGrtPbepEP9omjpJfV9I8f0pxzw1eB48NtOMvMDo2i8qgjAlRsfZk8mZHY/s400/mawbima.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6euiRWtBkDWT6KEinQgxy1ZgwGe9mHxKoN6RJ2OTyYNY8z62ZYYprQxyFo7wGuWNWia3soHMaU9OcNygVCTGrtPbepEP9omjpJfV9I8f0pxzw1eB48NtOMvMDo2i8qgjAlRsfZk8mZHY/s72-c/mawbima.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_879.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_879.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy