ඉදිරියේදි පැවැත්වෙන ඕනෑම ජාතික මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ පොදු ජන පෙරමුණේ නායකයින් කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුව...
ඉදිරියේදි පැවැත්වෙන ඕනෑම ජාතික මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ පොදු ජන පෙරමුණේ නායකයින් කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවන බව එම පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මහව නගර ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල හමුව අමතමිනි.
ඊලඟට ඕනෑම ජාතික මැතිවරණයක් විසුරුවා බැලීම සිදු කළහොත් එවිටත් සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේද නොසිතන නායකයින් පැමිණ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවන බව ඔහු පැවසීය.
එසේම වාසිම මැතිවරණය වන්නේ ජනාධිපතිවරණය බවත් රටේ ඡන්ද පදනම ඕනෑම මොහොතකදී ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතින්නේද ජනාධිපතිවරණය තුලින් බවත් අමාත්‍යවරයා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද හමුව අමතනු ලැබීය.
COMMENTS