සෞඛ්‍ය ඇමැතිවරයාත් ඔහුගේ පවුලේ උදවියත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනමය කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත්වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධ...
සෞඛ්‍ය ඇමැතිවරයාත් ඔහුගේ පවුලේ උදවියත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනමය කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත්වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.
සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස රාජිත සේනාරත්න මහතා නැවත පත්වීමත් සමඟ ඇමැතිවරයාගේ බිරිඳ සෞඛ්‍ය ලේකම්වරියගේ කාර්යභාරය ඉටුකිරීමට උත්සාහ කරන බව ද පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සුදුස්සාට සුදුසු තැන ලබා දෙන්නේ නම් තම සංගමය කිසි දිනක විරුද්ධ නොවන බව ද කියා සිටියි.
තම සංගමය විරුද්ධ වී ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයාත් ඔහුගේ පවුලේ උදවියත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනමය කටයුතුවලට සිදු කරන අනවශ්‍ය සදාචාර විරෝධි අතපෙවීම්වලට බව ද සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ඖෂධ හිඟය ඇතුළුව විසඳිය යුතු ගැටලු ගණනාවක් තිබියදී ඒවා පසෙකින් තබා ඇමැතිවරයාත් පවුලේ අයත් තම දේශපාලන ව්‍යාපෘති හා පෞද්ගලික න්‍යාය පත්‍ර කරපින්නාගෙන කටයුතු කිරීම කනගාටුදායක බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය ඇමැතිවරයාගේ මෙම පිළිවෙත අත්තනෝමතික ක්‍රියාකාරිත්වක් බවත් එය පරාජය කිරීම සඳහා ජනාධිපතිවයාගේ මැදිහත් වීම අපේක්ෂා කරන බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.
– divaina

COMMENTS