මෑත කාලයේ දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ටෙන්ඩර් දමා මිල ගණන් කැඳවීම් සිදුවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඇතැම් මන්ත්‍රීවර...
මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය සදා ගැනීමට නොහැකි වූයේ මන්ත්‍රීවරුන්ගේ මිල ගණන් ඉහළ යාම නිසා බවද ජනාධිපතිවරයා කියයි. එසේ නොවී මහින්ද රාජපක්ෂ මහතා 113 සාදා ගත්තේ නම් මෙම ප්‍රශ්නය මෙතරම් දුර නොඇදෙන බව ද ඔහු සඳහන් කරයි. ඩේලි මිරර් පුවත්පත සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ අතර එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරන්නේ තමන් පාර්ලිමේන්තුවේ 113 සකස් කර ඇති බවයි. ජනාධිපතිවරයා විසින් කරන ප‍්‍රකාශය අනුව පෙනී යන්නේ එක්සත් ජාතික පක්‍ෂය විසින් බහුතරය සකස් කරගෙන ඇත්තේ ඒ සා විශාල මුදලක් වියදම් කර ඇති බව විය හැක.
COMMENTS