''අපි සතුරන්ගේ උගුලකට අසුවුණා, පොහොට්ටුවත් අනාතයි' - කුමාර වෙල්ගම - දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7

Breaking

Home Top Ad

Post Top Ad

Thursday, November 15, 2018

''අපි සතුරන්ගේ උගුලකට අසුවුණා, පොහොට්ටුවත් අනාතයි' - කුමාර වෙල්ගම

''අපි එපාම කියද්දී මෙතන ඉන්න පිරිසක් ජනාධිපතිත් එක්ක එකතුවෙලා මේ කරපු වැඩෙන් අන්තිමේ අවුරුදු ගාණක් දරදිය ඇදලා හදාගත්ත පොහොට්ටුවත් ඉවරයි. ශ්‍රී ලංකා එකත් ඉවරයි. ආණ්ඩුවත් ඉවරයි. රටත් ඉවරයි. අපිත් ඉවරයි'' යනුවෙන් කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සිය විරෝධය ප්‍රකාශ කළේය.

වෙල්ගම මහතා මෙසේ කීවේ ඊයේ (14 දා) පෙරවරුවේ පාර්ලිමේන්තුව කල් තැබුවාට පසු මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 6 දී පැවැති ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී අදහස්‌ දක්‌වමිනි. පාර්ලිමේන්තුවේ එදින උදැසන උද්ගතව තිබූ තත්ත්වයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මෙම හමුව කැඳවා තිබුණේ සිදුවූ සිද්ධීන් පිළිබඳව සමාලෝචනයක යෙදෙමින් රජයේ ඊළඟ වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමටය.

කුමාර වෙල්ගම මහතා මෙහිදී අපි ඔක්‌කොම සතුරන්ගේ උගුලකට අසුවී ඇතැයි කියමින් පක්‍ෂයේ වගකිවයුතු නායකයන් කිහිප දෙනකුට බැණ වදිමින් මෙම අදහස්‌ ප්‍රකාශ කළේ ඔවුන් එයින්ද රාජපක්‍ෂ ඇතුළු සැම මේ උගුලට ඇද දැමුවා යෑයි කියමිනි.

(දිවයින)

No comments:

Post a Comment

Post Bottom Ad