Loading... හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කල නොහැකි බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග විසින් ඇමෙරිකාවේ ...
Loading...
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කල නොහැකි බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග විසින් ඇමෙරිකාවේ ටයිම්ස් පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී කියා තිබේ.එම සාකච්ඡාව පහතින්
Times මාධ්‍යවේදී ටී.එම් ඇලෙක්ස් පෙරී – ඉදිරි මැතිවරණය කුමක් වෙයි ද?
ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග – යහපාලනයත්,සාමය සදහා වන ක්‍රියාවලිය බොරුවට නොව සැබෑ කල්පවත්නා සාමයක් විය යුතු යි.අගමැති රනිල් වික්‍රමසිංහ සියලු දෙනා රැවටීමට ලක් කරේ ය.දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හොදයි කියා මටත්,කැබිනට් මණ්ඩලයටත් කියා සිටියා.එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට රහසිගත පොරොන්දු දුන්නා.ඒවා අපි තවමත් දන්නේ නෑ.කිසිදු විනිවිද භාවයක් තිබ්බේ නෑ.මම යහපාලනයක් ප්‍රකාශයට පත් කරන විට දූෂණය විශාල ලෙස පැවතියා.මෙයින් හැමෝම කම්පාවට පත් වෙනවා.
Times මාධ්‍යවේදී ටී.එම් ඇලෙක්ස් පෙරී – මැතිවරණයක් කැදවීමට ආසන්න හේතුව කුමක්ද?
ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග – මම ආණ්ඩුවට එකුත් වෙලා එයට පැටලුණා,අගමැතිවරයා මට හිරිහැර කරලා එලවා දැමුවා.ඔහුට අවශ්‍ය වන්නේ ජනාධිපති වෙන්නයි.රටට සිදුවන්නේ කුමක්ද යන්න ඔහු සිතන්නේ නැහැ.අපි ඒ නිසා අපහසුතාවයට පත් විය.එය විසදීමට ඇති එකම මාර්ගය ජනතාවගෙන් ජනවරමක් ඉල්ලීම ය.
හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග ටයිම්ස් පුවත්පත මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුණි.
සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව ඉංග්‍රීසි පිටපත මෙතනින්
– repoter
COMMENTS