දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කටුනායක ප්‍රහාරය පිටුපස සිටියේ රනිල් වික්‍රමසිංහ සහ විදේශිය බුද්ධි අංශ..

කටුණායක ගුවන්තොටට එල්ලවූ ප්‍රහාරයට රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බව හැඟවෙන ට්විටර් පණිවිඩයක් හිටපු නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් හෙවත් විනය...

කටුණායක ගුවන්තොටට එල්ලවූ ප්‍රහාරයට රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බව හැඟවෙන ට්විටර් පණිවිඩයක් හිටපු නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් විසින් තම ට්විටර් ගිණුමට එක් කර තිබෙනවා..

“රනිල් වික්‍රමසිංහ මහාතා කියා සිටියා ඔහු එල්ටීටීඊය සමග ගනුදෙනු නොකල බව. නමුත් 2001 කටුණායක ප්‍රහාරය… එය කොළඹ දේශපාලකයන් පිරිසක් හා විදෙස් ඔත්තුසේවා අතර සිදුවූ ගනුදෙනුවක කොටසක්.. රනිල් වික්‍රමසිංහ මහත්මයාණෙනි අමතක නොකරන්න මම තවමත් ජීවතුන් අතර බව.. ” ලෙසින් එම පණිවිඩයේ දැක්වේ..

මෙය නොසලකා හැරිය නොහැක්කේ එම ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය දැඩි ලෙස කඩා වැටී සෘණ ආර්ථිකයක් දක්වා ගමන් කිරීමත් එය යලි ධන කරන බව පවසමින් රනිල් වික්‍රමසිංහ 2002 දී බලයට පැමිණීමත්‍ ය.

=================================
ඒ සම්බන්ධව පලවූ පුවත් පත් වාර්ථාවක් පහත පලවේ..

කටුනායක ගුවන් තොටුපළට පහර දෙයි

ගුවන් යානා 12ක් විනාශයි
කොටි 13ක් සහ හමුදාවේ 07ක් නසිති

රට නොනිදන නගර අතර කටුනායක තවත් සුවිශේෂී නගරයකි. මේ අවිවේකීත්වය මධ්‍යයේ කටුනායකට තවත් එක් දිනයක් උදා විය. දිනය 2001 වර්ෂයේ ජුලි 24 වැනි අඟහරුවාදා ය.වෙලාව හිමිදිරි පාන්දර තුන පසුවෙමින් තිබුණි. මාලේ නුවර සිට පැමිණි ගුවන්යානය අලුයම 3.30 පමණ වනවිට කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස්සවීය. තවත් විනාඩි කිහිපයකින් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි ගුවන් යානයක්ද ගුවන්තොටුපළට ගොඩබැස්ස වීය. මගීහු කෙමෙන් කෙමෙන් යානාවලින් බැස ගනිමින් සිටියහ.

මේ අතර 14 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ගුවන් හමුදා කඳවුර දෙසට පැමිණෙමින් සිටියහ. නවීන අවිආයුධ අත දරා සිටි මොවුහු ගුවන් හමුදා නිලඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටියහ. ඔවුන් ඇඳ සිටි එම ඇඳුමට යටින් මරාගෙන මැරෙන පුපුරණ ද්‍රව්‍යවලින් සමන්විත ඇදුම් කට්ටලද විය. එල්. ටී.ටී.ඊ. සංවිධානයට අයත් මේ පිරිස ආයුධත් රැගෙන ගුවන් හමුදා භූමියේ ආරක්‍ෂක මුර කපොලු අතරින් හිඩසක් සොයමින් සිටියහ. මේ අතර ලද අවස්ථාවකින් ප‍්‍රයෝජනගත් ත‍්‍රස්තවාදීහු කඳවුර තුළට රිංගා ගත්හ.

ඒ වන විට වෙලාව පෙරවරු 3.50 පමණ වී තිබුණි. ත‍්‍රස්තවාදීන්ගේ පළමු ඉලක්කය වූයේ ගුවන් හමුදාවට විදුලිය ලබාදෙන ට‍්‍රාන්ස් පෝමරයයි. ප‍්‍රහාරය එල්ලවීමත් සමඟම ට‍්‍රාන්ස් පෝමරය මහහඩින් පුපුරා ගියේය. ගුවන් පරියන්තය අදුරේ ගිලිණි. එහෙත් ත‍්‍රස්තවාදීන් ඒ වනවිටත් ගතයුතු ඉලක්ක ලබාගෙන තිබුණි. ඒ අනුව මොහොතක් ගතවත්ම ගිනි ජාලාවක් නංවමින් ඒ 340 හා ඒ 330 යන ගුවන් යානා දෙක පුපුරා ගිනි ගන්නට විය.

තවත් ගුවන්යානාවක් ඒ ස්ථානයේ තිබුණි. වෙඩිහඬ දසත පැතිරෙද්දී කි‍්‍රයාත්මක වූ ආරක්‍ෂක අංශ එය අනෙක් අංගනය කරා ගෙන ගියේය. ත‍්‍රස්තවාදීන් අතරේ සිටම ප‍්‍රහාර එල්ල කරද්දී හමුදා භටයයෝ සිය මෙහෙයුම් කරන්නට වූහ. එක් අවස්ථාවක ත‍්‍රස්තයෝ තෙල් ටැංකියටද පහර දුන්හ. ඉන් ගිනි ජාලාවක් බුරබුරා නගිමින් අහස කුස් වෙලා ගත්තේය.

මේ අතර ම එකින් එකක ගුවන් යානා ප‍්‍රහාරයට ගොදුරු විය. කඳවුරේ ඇති වී පැවැති ගින්න නිවීමට ආරක්‍ෂක අංශ උත්සාහ කළද එය ලෙහෙසි පහසු කාර්යක් නොවී තිබුණි. ඒ, මේ වනවිටත් ත‍්‍රස්තවාදීන් අඳුරේ සැඟව ඒ මේ අත වෙඩි තබමින් සිටි නිසාය. පසුව කඳවුරේ ගින්න පාලනය සඳහාත් මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් විනාශ කිරීම සඳහාත් මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

කෙසේ වෙතත් අලුයම 5.00 පමණ වනතෙක් ප‍්‍රහාර එල්ල විය. පසුව තත්ත්වය සන්සුන් වන බවක් පෙනෙන්නට තිබුණි. එහෙත් පෙරවරු 8.30 පමණ වනවිට යළිත් එයාර් ලංකා ගුවන් සේවයට අයත් ගුවන්යානයකට ත‍්‍රස්තවාදීහු ආර්. පී . ජී. ප‍්‍රහාරයක් එල්ල කළහ. ඒ සමගම යානය ද ගිනි ජාලාවක් නංවමින් ගිනිගන්නට විය. මෙලෙස නැවතත් උත්සන්න වූ තත්ත්වය දහවල් 11.00 පමණ වනතෙක් පැවැතිණි.

මෙරට ආර්ථිකය

ප‍්‍රහාරය අවසන් වන විට ගුවන්යානා 8ක් කපීර් ජෙට්යානා 2ක්, මිග් ප‍්‍රහාරක යානයක්, එම් අයි 17 හෙලිකොප්ටර් යානා 2ක් සහ තවත් ගුවන් යානයක් විනාශ විය. ප‍්‍රහාරයට කොටි ත‍්‍රස්තවාදීන් 13ක් පැමිණ සිටි අතර ඔවුන් සියල්ලෝම මියගියහ. ආරක්‍ෂක හමුදා සාමාජිකයන් 7ක්ද මරුමුවට පත්වූහ.

කටුනායක ගුවන් තොටුපළට මේ ප‍්‍රහාරය එල්ල වීමෙන් පසුව මෙරට ආර්ථිකයට සුවිශාල හානියක් සිදුවිය. විශේෂයෙන්ම ශී‍්‍ර ලංකන් ගුවන් සේවය මේ වනවිට ගුවන් මගීන් 50,000ක් ගෙනයාම දක්වා වර්ධනය කරගෙන සිටියේය. එහෙත් ප‍්‍රහාර එල්ලවීමත් සමඟම එම තත්ත්වය පිරිහෙන ලකුණු පෙනෙන්නට තිබුණි.

ශි‍්‍රලන්කන් එයාර්ලයින් ආයතනයේ කොටස්වලින් 40%ක් ම හිමිව තිබුණේ එමිරේට්ස් සමාගමට ය. ඔවුන් ද මේ ප‍්‍රහාරයත් සමගම ශී‍්‍ර ලංකාව සඳහා වු ගුවන් ගමන් නවතා දැමුයේය. තවද ලොව ප‍්‍රධානතම ගුවන් සමාගමක් වු “ ටී. යු. අයි.” සමාගමද සතියක් සඳහා සිය ගුවන් ගමන් නවතා දමන බව ප‍්‍රකාශ කළේය. “ කුවෝනි” සමාගමද සිය ගුවන් කටයුතු මාසයකට නැවැත්වීය.

මෙලෙස දැඩි ප‍්‍රහාරයක් ශී‍්‍ර ලංකන් ගුවන් සේවයටත් මෙරට ආර්ථිකයටත් සිදුවිය. මෙහි ප‍්‍රබලම බලපෑමක් එල්ල වුයේ මෙරට සංචාරක කර්මාන්තයටයි. අගෝස්තු මාසයේ මෙරටට සංචාරකයන් විශාල වශයෙන් පැමිණීමට සිටියහ. කටුනායක ගුවන් තොටුපළට එල්ල වූ ප‍්‍රහාරයයන් සමගම බොහෝ රටවල් ශී‍්‍ර ලංකාවට සංචාරකයනට අනතුරු දායක රටක් ලෙස හඳුන්වා දුන්නේය.

ලංකාව සඳහා නියමිතව තිබෙන සංචාරක මෙන්ම ව්‍යාපාරික නිවාඩු කටයුතු කල්දමන ලෙස බටහිර රටවල් ගණනාවක්ම එරටවල ජනතාවගෙන් ඉල්ලා සිටියහ. විශේෂයෙන්ම ඇමරිකාව බි‍්‍රතාන්‍ය, ජර්මනිය, රුසියාව වැනි රටවල් මගින් ලංකාවට විශාල ප‍්‍රමාණයක් සංචාරකයන් පැමිණෙන අතර එම රටවල ජනතාවට ලංකාව විදේශ සංචාර සඳහා නුසුදුසු රටක් ලෙස දැන්වීමෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තයට විශාල හානියක් සිදුවිය.

විශේෂයෙන්ම මහබැංකු ප‍්‍රහාරය, ගලදාරි ප‍්‍රහාරය හමුවේ මෙරටට සංචාරකයන්ගේ පැමිණීම අඩු වෙමින් තිබුණි. එහෙත් 1999 වනවිට සංචාරකයන්ගේ පැමිණීම නැවතත් හොඳ තත්ත්වයකට පත්ව තිබුණි. එහෙත් කටුනායක ගුවන්තොටුපළට ප‍්‍රහාර එල්ලවීම වැඩි වශයෙන් බලපාන්නට විය.

ප‍්‍රහාර එල්ල කිරීම

මේ ප‍්‍රහාරය සිදුවන විට සංචාරකයෝ 40 කට ආසන්න ප‍්‍රමාණයක්ද කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළේ සිටියහ.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28597,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කටුනායක ප්‍රහාරය පිටුපස සිටියේ රනිල් වික්‍රමසිංහ සහ විදේශිය බුද්ධි අංශ..
කටුනායක ප්‍රහාරය පිටුපස සිටියේ රනිල් වික්‍රමසිංහ සහ විදේශිය බුද්ධි අංශ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipKFW2QweAMeKqvrv_EPqNXHjg8K8wE7ccRclN1IeSjA7J54EgqTlrzxKPuHAbM-n15ot-gCUnXDus3DbtuClr8ZLnGhqH2ZQMYdnoFMq58UZ4HSh09-itpYKmELeFh31BJrDfJn4EzQQ/s320/ranil-696x364.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipKFW2QweAMeKqvrv_EPqNXHjg8K8wE7ccRclN1IeSjA7J54EgqTlrzxKPuHAbM-n15ot-gCUnXDus3DbtuClr8ZLnGhqH2ZQMYdnoFMq58UZ4HSh09-itpYKmELeFh31BJrDfJn4EzQQ/s72-c/ranil-696x364.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_278.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_278.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy