ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කැබිනට් අමාත්‍යධුරයක් බාර නොගැනීමට ගත් තීරණයත් සමග එම පක්ෂය තුළ ඇමැති ධූරය වෙනත් අයෙකුට ලබා ග...
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කැබිනට් අමාත්‍යධුරයක් බාර නොගැනීමට ගත් තීරණයත් සමග එම පක්ෂය තුළ ඇමැති ධූරය වෙනත් අයෙකුට ලබා ගැනීමේ සටනක් ඇරඹී ඇතැයි එම පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
විමල් වීරවංශ අමාත්‍ය ධුරයක් ලබා නොගන්නේ නම් ජාතික නිදහස් පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු හෝ කැබිනට් මණ්ඩලය නියෝජනය කළයුතු බවට ජාතික නිදහස් පෙරමුණ තුළ සංවාදයක් මතුව තිබේ.
පක්ෂයක් ලෙස රටක ඉදිරි ගමනේදී එහි යහපැවැත්ම සඳහා සහාය වීමට නම් බලපෑම් කිරීමේ ශක්තියක් පක්ෂයකට තිබිය යුතු බවත් එවැනි කටයුතුවලදී කැබිනට්ටුව නියෝජනය කිරීම පක්ෂයක් ලෙස අත්‍යවශ්‍ය යැයි පක්ෂය තුළින් අදහස් මතු වී ඇති බවත් එම ආරංචි මාර්ග පැවසී ය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පසුවන ස්ථාවරයට පක්ෂයක් ලෙස බලපෑම් නොකරන බවත් එම ප්‍රතිපත්තියට ගරු කරමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු හෝ කැබිනට් මණ්ඩලය නියෝජනය කළ යුතුය යන මතයේ බහුතර පිරිසක් සිටින බවත් වාර්තා වේ.
මේ පිළිබඳ ජාතික නිදහස් පෙරමුණේ අවසන් තීරණය නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

COMMENTS