හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ හා මහවැව ප්‍රදේශ අතර ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් සැහැල්ලු වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබිණ...
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ හා මහවැව ප්‍රදේශ අතර ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් සැහැල්ලු වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබිණි. විකල්ප මාර්ගද නොමැති වීම හේතුවෙන් වාහන 300කට ආසන්න ප්‍රමාණයකට පැය දොළහකට ආසන්න කාලයක් මාර්ගයේ රැඳී සිටීමට සිදු වූ අතර ඇතැම් වාහන හිමියන් තම ගමනාන්තයට යාමට නොහැකිව ආපසු හැරී යන ආකාරයක්ද දකින්නට ලැබුණි.
මේ වාහන හිමියන්ට උදව් කිරීම සඳහා ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ වෙන්නප්පුව ප්‍රදේශයේ ගරාජ් හිමියෙකුට සහ තවත් කීප දෙනෙකුට මේ කාර්යය කිරීම සඳහා කප්පම් ලබා දීමට සිදු වූ අතර කප්පම් ලබා දීම ප්‍රතික්ෂේප කළ පිරිසකට මේ සේවාව කිරීම සඳහා ඉඩ ලබා දීම කප්පම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරන ආකාරයක්ද දකින්නට ලැබුණේය.
මේ හේතුවෙන් මේ සේවාව කළ ඇතමෙක් ඉන් ඉවත් වූ අතර වාහන රැසක් ඒ වන විටත් මාර්ගයේ තැනින් තැන තිබෙන අයුරු දක්නට ලැබිණි.
හලාවත විශේෂ වාර්තාකරු
COMMENTS