දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල ඖෂධ පිළිබඳව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිවේදනයයි

එම වසර 03 තුළ කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල බවට හඳුනාගත් ඖෂධවලට සැපයුම්කරුවන්ගෙන් මුළු මුදල හෝ එම ප්‍රමාණයටම ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථ...

කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල ඖෂධ පිළිබඳව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිවේදනයයි

එම වසර 03 තුළ කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල බවට හඳුනාගත් ඖෂධවලට සැපයුම්කරුවන්ගෙන් මුළු මුදල හෝ එම ප්‍රමාණයටම ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අයකරගෙන ඇත. ඖෂධ තත්ත්වයෙන් බාල බවට හඳුනාගැනීමත් සමග රෝගීන් වෙතට පත්වීමට ඉඩ නොදී යළි ගෙන්වනු ලබන එකම ආයතනය ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. එම නිසා රජයට පාඩුවක් වී නොමැත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලාභ පරමාර්ථයෙන්ම කටයුතු කරන ආයතනයක් නොව රෝගී සත්කාර සේවා සඳහා ඖෂධ සපයන ආයතනයක් බව සභාපතිවරයා අවධාරණය කර සිටියි.

ලොව පුරා ඖෂධ නිෂ්පාදන කිරීමේ දී ඇතැම් ඖෂධවල ජීව කාලය වසර දෙකකට වඩා අඩුය. නැව්ගත කිරීමෙන් පසු ඖෂධ ශ්‍රී ලංකාවට ළඟා වන විට මාසයකට ආසන්න කාලයක් ගතවෙයි. තව ද ඖෂධ ආනයනය කිරීමට පෙර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් නිර්දේශ කළ යුතු වෙයි. ඇතැම් ඖෂධ රෝගීන්ගේ අවශ්‍යතාවය මත ජීව කාලය ඉක්මයාමට පෙර මිලදී ගෙන රොහල්වල රෝගී සත්කාරක සේවාවන් සදහා ලබාදෙනු ලබන්නේ ඖෂධ හිගයකින් තොරව සැපයීමේ අරමුණිනි. ඔස්ට්‍රේලියාවේ ද තත්ත්වයෙන් බාල ඖෂධ සියයට 15 ඇති බව එම රටේ ඖෂධ දත්ත වාර්තා සඳහන් කරයි. එවන් පසුබිමක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2017 වසරේ දී රුපියල් මිලියන 6232 ක ඖෂධ අලෙවි කර ඇත. ඒ අනුව තත්ත්වයෙන් බාල හෝ කල් ඉකුත් වූ ඖෂධ ප්‍රමාණය සියයට 1 කට වඩා අඩුය. තව ද, ඔසුසල් 37 ක් දිවයින පුරා ඇති අතර, එහි සේවය කරන කාර්ය මණ්ඩලයේ වැටුප් සියයට 50 කින් වැඩි කර ඇත. එම නිසා ඖෂධ අලෙවි කිරීමෙන් පාඩුවක් ලබා නොමැත.

වත්මන් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම තනතුරට පත්වන විට ඖෂධ මිලියන 350 ක් කල් ඉකුත් වී තිබුණි. එම ප්‍රමාණය අවම කිරීම සඳහා මෘදුකාංගයක් හඳුන්වා දෙමින් රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට පියවර ගෙන ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල ඖෂධ පිළිබඳව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිවේදනයයි
කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල ඖෂධ පිළිබඳව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිවේදනයයි
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/439ec77184a1741c995a737346082b5d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_837.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_837.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy