තාක්ෂණයේ දියුණුව සමඟ වර්තමානයේදී අපට සිතා ගත නොහැකි වූ මානයන් අත්දකින්නට, අත්විඳින්නට අවස්ථාව ලැබී තිබෙනවා. නව තාක්ෂණයේ දියුණුව වැඩිපුරම ...

තාක්ෂණයේ දියුණුව සමඟ වර්තමානයේදී අපට සිතා ගත නොහැකි වූ මානයන් අත්දකින්නට, අත්විඳින්නට අවස්ථාව ලැබී තිබෙනවා. නව තාක්ෂණයේ දියුණුව වැඩිපුරම ප්‍රයෝජනයට ගන්නා ක්ෂේත්‍රය ලෙස වෛද්‍ය විද්‍යාව හඳුන්වන්න පුළුවන්.
නවීන තාක්ෂණය පසුගියදා ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයට නව අත්දැකීමක් එකතු කළා. ඒ ත්‍රිමාන කැමරා භාවිතා කරමින් උගුර ආශ්‍රිත තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමක් ඉතා සාර්ථකව අවසන් කිරීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වීමත් සමඟයි.
බාහිර කැපුම් කිසිවක් නැහැ
කොළඹ ජාතික රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ ඒකකයේ වීශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම මෙම සැත්කම සිදු කර තිබෙනවා. ත්‍රිමාන කැමරා ( 3D Einstein Version) භාවිතයෙන් සිදු කළ මෙම සැත්කමේදී බාහිර කැපුම්වලින් තොරව තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමට මෙම වෛද්‍ය කණ්ඩායම සමත් වෙනවා.
තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමට භාජනය වෙන්නේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්. සැත්කමෙන් පසුව පැය භාගයක් ඇතුළත තම කට හඬ අවදි කරමින් සිනාමුසු මුහුණින් වෛද්‍යවරු සමඟ කතා කරන්නාට ඔහුට හැකියාව ලැබී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සැත්කමේ නියමුවා වන වීශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා පවසන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයට නව අත්දැකීමක් එක් කරමින් නවීන තාක්ෂණය භාවිතා කරමින් සිදුකළ මෙම සැත්කම ඉතා සාර්ථක අවසන් කිරීමට සිය කණ්ඩායම් සමත් වූ බවයි. එසේම ත්‍රිමාන කැමරා භාවිතා කරමින් මෙවැනි ආකාරයේ සැත්කමක් ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය බවද ඔහු පවසනවා.
වෛද්‍ය විද්‍යාවේ ත්‍රිමාන කැමරා පැතිකඩ
ත්‍රිමාන කැමරා යොදා ගනිමින් සිදු කරන සැත්කම්වල සුවිශේෂීත්වය වන්නේ කිසිම කැපුමකින් තොරව සැත්කම සිදු කිරීමට ඇති හැකියාවයි. ඒ හේතුවෙන් සැත්කමින් පසු කැළැල් මකා දැමීමට කාලය යොදවන්නට සැත්කමට භාජනය වන්නාට අවශ්‍ය වන්නේ නැහැ. එසේම ත්‍රිමාන කැමරා යොදා ගනිමින් සිදු කරනු ලබන සැත්කම් අඩු අවධානමකින් යුතු සැත්කම් ලෙසත් එමඟින් රෝගියා ඉක්මනින් ප්‍රකෘති තත්වයට පත් වීමත් එහි සුවිශේෂීම වැදගත්කම වේ.
මේ ආකාරයේ සැත්කම් බහුලව සිදු නොකිරීමටමූලික හේතුව වන්නේ අවශ්‍ය නව තාක්ෂණ උපකරණවල හිඟය සහ එම උපකරණ භාවිතය පිළිබඳ මෙරට පවත්නා අඩු දැනුම බවද වීශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා පවසයි.
ප්‍රසාද් ජයමාන්න - මාරවිල
COMMENTS