ජනමාධ්‍යවේදීන්ට සිය මාධ්‍ය කටුයුතු සිදු කරගෙන යාමට ලබාදී ඇති නිදහස පාදක කරගනිමින් මෙම දර්ශකය සකස් කරන අතර එහිදී ජනමාධ්‍ය නිදහස, මාධ්‍ය ආය...

ජනමාධ්‍යවේදීන්ට සිය මාධ්‍ය කටුයුතු සිදු කරගෙන යාමට ලබාදී ඇති නිදහස පාදක කරගනිමින් මෙම දර්ශකය සකස් කරන අතර එහිදී ජනමාධ්‍ය නිදහස, මාධ්‍ය ආයතනවල ස්වාධීනත්වය, ව්‍යවස්ථාමය රාමුව, මාධ්‍යවේදීන්ට ලබා දී ඇති ආරක්ෂාව ආදී නිර්ණායක රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කරයි.
මාධ්‍යවේදීන්ට අහිමිව තිබූ නිදහස මේ වනවිට යහපාලන ආණ්ඩුව යටතේ හිමිව ඇති අතර පසුගිය කාලයේදී සිදු වූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යාම, තර්ජන ආදිය සම්බන්ධයෙන්, යම් යම් අඩුපාඩු සහිතව හෝ පරීක්ෂණ සිදුවෙමින් තිබේ.
2017 දර්ශකයේ පළමු ස්ථානය හිමි කරගෙන සිටි නෝර්වේ රාජ්‍යය එම ස්ථානය තහවුරු කරගෙන සිටින අතර ඉන්පසු ස්වීඩනය, නෙදර්ලන්තය, ෆින්ලන්තය, සහ ස්විට්සර්ලන්තය ස්ථානගතව සිටී. රටවල් 180 ක් අතරින් උතුරු කොරියාව අවසන් ස්ථානය හිමිකරගෙන සිටින්නේ එරට මාධ්‍යවේදීන්ට වඩාත් අනාරක්ෂිතම රට වශයෙනි. උතුරු කොරියාව සමග අවසන් ස්ථාන 05 හිමි කරගෙන සිටින්නේ එරිත්‍රියාව, ටර්ක්මනිස්ථානය, සිරියාව සහ චීනය යන රටවල්ය.
දකුණු ආසියානු කලාපයේ භූතානය (94), නේපාලය (106), ඇෆ්ගනිස්ථානය (118), මාලදිවයින (120) යන රටවල් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටී. ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය යන රටවල් පිළිවෙලින් 138, 139, 146 යන ස්ථාන හිමිකරගෙන ඇත.
COMMENTS