දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මාටින් ලූතර් කිං ගේ මිනිබිරිය කතා කරයි. 'I have a dream that enough is enough'

මේ නව හැවිරිදි කළු ජාතික දැරිය මෙසේ මයික්‍රෆෝනය ද රැගෙන වේදිකාව වෙත පැමිණියේ ලොව පුරා ස්ථාන 800 ක පැවති ගිනි අවි භාවිතයට එරෙහිව හඬ නැගීමේ...

මාටින් ලූතර් කිං ගේ මිනිබිරිය කතා කරයි. 'I have a dream that enough is enough'

මේ නව හැවිරිදි කළු ජාතික දැරිය මෙසේ මයික්‍රෆෝනය ද රැගෙන වේදිකාව වෙත පැමිණියේ ලොව පුරා ස්ථාන 800 ක පැවති ගිනි අවි භාවිතයට එරෙහිව හඬ නැගීමේ ගෝලීය ව්‍යාපාරයට සිය සහාය දක්වන්නට ය. ‘ගන් කන්ට්‍රෝල්’ හෙවත් ‘ගිනි අවි පාලනයක්’ ඇති කරන ලෙසට ට්‍රම්ප් වැනි අසංවේදී ලෝක නායකයන්ට බල කර සිටින්නට ය.

ඇගේ නම යොලන්ඩා රෙනී කිං ය. ඇමරිකා එක්සත් ජනපදය සොළවාලූ මහා සිවිල් නායක මාටින් ලූතර් කිං ගේ මිනිපිරිය ඇයයි. ඇය තම සීයාගේ සිහිනය ගැන මතකය යළි අවදි කළාය.

“මගේ සීයාට සිහිනයක් තිබුණා. එය තමයි, ඔහුගෙ පුංචි දරුවන් සිව් දෙනා ඔවුන්ගේ සමේ පාටෙන් නෙවෙයි, ඔවුන්ගෙ චරිතයෙන් මනින දිනයක් එන බවට... මටත් සිහිනයක් තිබෙනවා. ඒක තමයි, මේ හොඳටම ඇති, මේ ලෝකය, මේ කාලපරිච්ඡේදය ගිනි අවිවලින් තොර එකක් බවට පත්වනවා දැකීම..” යැයි පුංචි යොලන්ඩා මහත් ආවේගයෙන් මෙන්ම සිනාමුසු මුහුණින්ද යුතුව අවධාරණයෙන් කියා සිටියාය. රැස්ව සිටි පිරිස ඒ අසා මහත් උද්වේගයෙන් යුතුව ප්‍රීතිඝෝෂා නගන්නට පටන් ගත්හ.

පුංචි යොලන්ඩා එතැනින් නතර වූයේ නැත.


“මේ වචන ලොව පුරා පතුරවන්න..”
“ඔබට ඇසෙනවාද...?”
“මුළු රට පුරාම පතුරුවන්න...”
“අපි ශ්‍රේෂ්ඨ පරපුරක් වන්නේ එවිටයි...”

මේ වැකි එකින් එක රැස්ව සිටි ජනතාව එක හඬින් පුංචි යොලන්ඩා සමග වර නැගූහ.

එදා 1963 අගෝස්තු 28 වැනිදා රැකියා සහ නිදහස වෙනුවෙන්, ඇමරිකා එක්සත් ජනපදයේ වර්ගවාදය අවසන් කිරීම වෙනුවෙන්, සිවිල් සහ ආර්ථික අයිතිවාසිකම් ඉල්ලා සිටීම වෙනුවෙන් මේ වොෂින්ටන් ඩීසී හිදීම ලින්කන් අනුස්මරණ ශාලාවේ පියගැට පෙළ මතදී 250,000 ක් වූ සිවිල් ක්‍රියාකාරීන් අමතා මාටින් ලූතර් කිං සිදුකළ ඉතිහාසගත කතාව ‘අයි හැව් අ ඩ්‍රීම්’ හෙවත් ‘මට සිහිනයක් තිබේ’ නම් වේ.

එහිදී ඔහු මෙසේ කීවේය. “මට සිහිනයක් තිබෙනවා, දිනෙක මේ රට නැගී සිටීවි තමන් විශ්වාස කරන දෙයෙහි සැබෑ අර්ථය වෙනුවෙන්... සියලු මනුෂ්‍යන් සමාන ලෙස නිමවා ඇති බවට තමන්ම සාක්ෂි දරන ඒ සත්‍යය අපි දරා සිටිනවා.. මට සිහිනයක් තිබෙනවා... අතීත වහලුන්ගේ පුත්‍රයන් සහ අතීත වහල් හිමියන්ගේ පුත්‍රයන් ජෝර්ජියාවේ රත් පැහැ කඳුකරය මත සහෝදරත්වයේ මේසය වටා එක්ව වාඩි වී සිටින දිනයක් ගැන... මට සිහිනයක් තිබෙනවා, අයුක්තියේ සහ මර්දනයේ දාහයෙන් දැවෙනා මේ මිසිසිපි ජනපදය පවා නිදහසේ සහ යුක්තියේ ක්ෂේමභූමියක් වන බවට... මට සිහිනයක් තිබෙනවා, මගේ දරුවන් සිව්දෙනා ඔවුන්ගේ සමේ පැහැයෙන් නොව චරිතයේ ගුණාංගවලින් මනින රටක ජීවත් වේවි කියා...”

 මාටින් ලූතර් කිං දුටු ඒ සිහිනය සැබෑ කරන්නට ඉන් මතු බිහිවූ ඇමරිකානු නායකයන් සමත් වූයේ මද වශයෙනි. හිටපු නායක බරාක් ඔබාමා, ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කළු ජාතික නායකයා ලෙසින් කළු සමට තවදුරටත් ගෞරවය රැගෙන ආවේය. නමුත් ඇමරිකානු ආර්ථිකයට ඩොලර් පොම්ප කරන ගිනි අවි කර්මාන්තය නිහඬ කරන්නට මේ දක්වා කිසිදු ඇමරිකානු නායකයෙක් දිවි හිමියෙන් කැප වූයේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙසට ඕනෑම ඇමරිකානුවෙකුට සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් ගිනි අවි මිලදී ගැනීමට හැකියාව තිබේ.

වරක් අරුන්දතී රෝයි මෙසේ කීවාය. “අතීතයේ යුද්ධය වෙනුවෙන් ආයුධ නිපදවුණා. නමුත් දැන් ආයුධ වෙනුවෙන් යුද්ධය නිපදවෙනවා..”

මේ වන විට සැබවින්ම සිදුවෙමින් තිබෙන්නේ එයයි. එහි ප්‍රතිඵලයක් ලෙසට ඇමරිකාවේ ජනපද සිසාරා ගිනි අවි අපරාධ වාර්තා වේ. වසර කිහිපයක පටන් අලුත්ම ප්‍රවණතාවය ලෙසින් ගිනි අවි රැගත්, වෛරය මිස සහෝදරත්වය නොතකන තරුණ ගැටවුන් පාසල්වලට පැන, විටෙක තමන්ම ඉගෙන ගත් පාසලට කඩා වැදී හසුවන හසුවන කෙනාට කොකා ගස්සන තත්වයක් පවා උද්ගත ව තිබේ.

ඇමරිකාවේ සෑම ජනපදයක් පාසාම මහා ජන රැළි ඊයේ දිනයේ පැවැත්වුණේ ගිනි අවි පාලනය සහ පාසල් සුරක්ෂිත කිරීම සඳහා ඇමරිකානු කොංග්‍රසයට බල කිරීම පිණිස ය. ඇන්ටාක්ටිකාව හැර සෙසු සෑම මහද්වීපයකම දරුවෝ මේ ඇමරිකානු බාල පරපුර, පාසල් ශිෂ්‍ය පරපුරට සහාය දෙනු පිණිස මෙයට සමාන උද්ඝෝෂණ සමග එක්ව සිටියහ. ‘අපේ ජීවිත’ නමැති ඒ මහා ලෝක ව්‍යාපාරය සංවිධානයට මුල පිරුවේ පසුගිය පෙබරවාරි මාසයේ පාක්ලන්ඩ් පාසල් වෙඩිතැබීමෙන් දිවි බේරාගත් අයගේ සංවිධානය විසිනි.

නමුත් ගිනි අවි කර්මාන්තය උත්කර්ෂයට නංවන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට මාටින් ලූතර් කිං ගේ පුංචි මිනිබිරිය කී වදන් ඇසුණාද යන්න සැක සහිත ය. කනත්තේ ලොකුම සල්ලිකාරයා වීමට පෙරුම් පුරන මනු සතුන්ට මෙවැනි ආමන්ත්‍රණ ලෙහෙසියෙන් කන් වැටෙන්නේ නැත.

- රදිකා ගුණරත්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාටින් ලූතර් කිං ගේ මිනිබිරිය කතා කරයි. 'I have a dream that enough is enough'
මාටින් ලූතර් කිං ගේ මිනිබිරිය කතා කරයි. 'I have a dream that enough is enough'
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/f9482b2258482f85a6ffecfffa373ce4_S.jpg
https://i.ytimg.com/vi/rP2pAMifYBI/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/i-have-dream-that-enough-is-enough.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/i-have-dream-that-enough-is-enough.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy