දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

වෛද්‍ය සංගමයේ විරෝධතාවයකට සුව ඇමැතිගෙන් පිළිතුරු

රුපියල් මිලියන 700 ක වියදමින් ගම්පොළ මූලික රෝහලේ ඉදිකිරීමට යෝජිත හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ග...

වෛද්‍ය සංගමයේ විරෝධතාවයකට සුව ඇමැතිගෙන් පිළිතුරු

රුපියල් මිලියන 700 ක වියදමින් ගම්පොළ මූලික රෝහලේ ඉදිකිරීමට යෝජිත හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ඊයේ (18) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ගම්පොළ මූලික රෝහලේ ඉදිකරන ලද රුධිර කාන්දුකරණ ඒකකය ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙහිදී විවෘත කරන ලදි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ රජයේ මඟපෙන්වීම මත බවත් වසර 15 කට පසු ඒ සඳහා භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීමට නියමිත බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. මීට පෙර ගිලන් රථ ව්‍යාපෘතියට ද වෛද්‍ය සංගම් ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා එල්ල වූ බව පෙන්වා දුන් ඇමතිවරයා ප්‍රකාශ කළේ මේ වන විට එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගොඩනැගූ චෝදනා නිෂ්ඵල වී එය හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ඉන්දීය ගිලන් රථ සේවාව දකුණ සහ බස්නාහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට යාමේ දී වෛද්‍ය සංගමය ගල් ගහන්න කිවුවා. එහි සේවකයින්ට පුහුණුවක් නෑ කියලා ප්‍රකාශ කළා. නමුත් මේ දක්වා ජනතාවට එම ගිලන් රථ සේවාව සේවය කර තිබෙනවා. ඉදිරියේ දී දිවයින පුරාම එම ගිලන් රථ සේවාව ආරම්භ කරනවා. යෝජිත එට්කා ගිවිසුමේ සම්බන්ධයක් මෙම ව්‍යාපෘතිවලට තිබෙන බව කියනවා. නමුත් එහි කිසිදු සම්බන්ධයක් නැහැ.”

“මධ්‍යම රජයේ රෝහල් මෙන්ම පළාත් සභා රෝහල් ද සංවර්ධනය කරනවා. පළාත් සභා රෝහල්වලට මම මුදල් ලබා දුන්නා. එවිට භාණ්ඩාගාරය විමසා සිටියා පළාත් සභා රෝහල්වලට මුදල් ලබාදෙන්නේ ඇයිද කියලා. මම කිව්වා සෞඛ්‍ය යනු මධ්‍යම රජයට හෝ පළාත් සභාවලට අයිති දෙයක් කියලා ජනතාව දන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පමණයි. එම සේවාව ලබාදීමට අපොහොසත් වුවහොත් බනින්නේ රජයටයි. ඒ පිළිබඳව මම කරුණු පැහැදිලි කරලා දුන්නා.”

“යහපාලනය ජනතාවට තේරුම් ගැනීමට තවත් කාලයක් ගත වෙනවා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට ගත වුණේ පැය 48 ක් පමණයි. ඉන් පසු ඉංග්‍රීසි භාෂාවත් නැති වුණා. ද්‍රවිඩ භාෂාවට තැන දුන්නේ නැහැ. නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිවරිය ද්‍රවිඩ භාෂාවත් රාජ්‍ය භාෂාවට ඇතුළත් කළා. වර්තමානයේ රිය අනතුරු ඉහළ ගොස් තිබෙනවා. එවැනි අනතුරුවලට අධිකරණය මගින් පනවන දඩ මුදල රුපියල් 25000 දක්වා වැඩි කළ යුතු බවට යෝජනා කරනවා. ඊට බස් සංගම් විරෝධය පළ කළා. මම ප්‍රකාශ කරන්නේ පාර පැනීමේ සිට මිනී මැරීම දක්වා නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතු බවයි.”

rajitha suwa amathi web

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෛද්‍ය සංගමයේ විරෝධතාවයකට සුව ඇමැතිගෙන් පිළිතුරු
වෛද්‍ය සංගමයේ විරෝධතාවයකට සුව ඇමැතිගෙන් පිළිතුරු
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/b8dba3ac601617c2925097645a2d0da2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_940.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_940.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy