නීතිඥ සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් එම පැමිණිල්ල ගොනු කළ බව ලංකා විදුල සේවක සංගමයේ ප්...
නීතිඥ සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් එම පැමිණිල්ල ගොනු කළ බව ලංකා විදුල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ලංකා නිව්ස් වෙබ් වෙත පැවසීය.
ලංවිම සභාපතිවරයාගේ කාමරය වටකර උද්ඝෝෂණය කළ බවට චෝදනා කරමින් වෘත්තීය සමිති නියෝජිතයන්ගේ වැඩ තහනමට ලක් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 16 වන දිනය.
ජාතික සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, විදුලි සේවක සංගමය යන වෘත්තීය සංගම් තුනකට අයත් වෘත්තීය සමිති නායකයෝ හත්දෙනකුගේ වැඩ තහනම ක්‍රියාත්මක කරනු ලැබුවේ ‘වහාම ක්‍රියාත්මක වන පරිදිය’.
- දයා නෙත්තසිංහ
COMMENTS