දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පසුගිය රජය සමයේ සිදු වූ පැහැර ගැනීම් පිළිබද ලේඛණයක් හෙළි කිරීමට ඇමැති රාජිත සැරසෙයි

පසුගිය රජය සමයේ සිදු වූ පැහැර ගැනීම් පිළිබද ලේඛණයක් ඉදිරියේ දී රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පව...

පසුගිය රජය සමයේ සිදු වූ පැහැර ගැනීම් පිළිබද ලේඛණයක් හෙළි කිරීමට ඇමැති රාජිත සැරසෙයි

පසුගිය රජය සමයේ සිදු වූ පැහැර ගැනීම් පිළිබද ලේඛණයක් ඉදිරියේ දී රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රුපියල් කෝටි 37 ක වියදමින් ඉදිකිරීමට යෝජිත කෑගල්ල මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයට මුල්ගල් තැබීමේ අවස්ථාවට ඊයේ (18) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය

මෙහිදී අදහස් දැක් වූ සෞඛය අමාත්‍යවරයා - “පසුගිය රජය සමයේ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුව තිබෙනවා. පැහැර ගැනීම් පමණක් පරිගණක ගත කළ පිටු 04 ක් තිබෙනවා. එම තොරතුරු ලේඛණය මම ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනවා. නමුත් අද දිනය වන විට පැහැරගැනීම් කිසිවක් සිදු වන්නේ නැහැ. ජනතාවට නිදහස ලබා දී තිබෙනවා. නමුත් ජනතාවට එය තේරෙන්නේ නැහැ.”

“අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ දී විවිධ බලපෑම් එල්ල වුනා. ඉදිරියේ දී පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කරනවා. තව දෙසතියකින් පමණ එය ප්‍රකාශයට පත් කරන්න පුලුවන්. සෞඛ්‍ය සේවාවක් මිසක් වෙළෙද ව්‍යාපාරයක් නොවෙයි. එක්තරා පෞද්ගලික රෝහලක හෘද සැත්කමක් සදහා රුපියල් ලක්ෂ 23 ක මුදලක් අය කර තිබෙනවා. එය අසාධාරණයි. නමුත් අවසානයේ රෝගියා ද ජිවිතක්ෂයට පත් වුනා. විශේෂඥ වෛද්‍යවරයා පමණක් දැනුම් දී තිබෙනවා තම මුදල අවශ්‍ය නොවන බව එවැනි මානුෂීය වෛද්‍යවරුන් ද සිටිනවා. පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙලේ දී වෛද්‍යවරුන්ගේ ගාස්තු අඩු කිරීමට කැමැත්තක් නොමැති බව පෞද්ගලික රෝහල් සංගමය දැනුම් දී තිබෙනවා. මම මේ පිළිබදව සාකච්ඡා කරන්න කැමැතියි. නමුත් වෛද්‍යවරුන් බහුතරය රජයේ රෝහල්වල සේවය කරමින් වැටුප් සහ දීමනා ලබාගන්නා අයයි. පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමෙන් ඔවුන් ලබන්නේ අමතර ආදායමක්. ඒ ගැනත් සිතා බැලිය යුතුයි.” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පසුගිය රජය සමයේ සිදු වූ පැහැර ගැනීම් පිළිබද ලේඛණයක් හෙළි කිරීමට ඇමැති රාජිත සැරසෙයි
පසුගිය රජය සමයේ සිදු වූ පැහැර ගැනීම් පිළිබද ලේඛණයක් හෙළි කිරීමට ඇමැති රාජිත සැරසෙයි
http://am.lk/media/k2/items/cache/8fb078f7192a03c839d138bfa07f8b73_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_489.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_489.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy