මේ වනවිට පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව අවශ්‍ය ස්ථානවල ස්ථාපිත කර ඇති බවත් අවශ්‍ය වුවහොත් තවත් හමුදා ඛණ්ඩ සූදානමින් සිටින බවත් යුද හමුදාපතිවර...
මේ වනවිට පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව අවශ්‍ය ස්ථානවල ස්ථාපිත කර ඇති බවත් අවශ්‍ය වුවහොත් තවත් හමුදා ඛණ්ඩ සූදානමින් සිටින බවත් යුද හමුදාපතිවරයා පවසයි. කෙසේ වෙතත් තත්වය ක්‍රමයෙන් සමනය වෙමින් තිබෙන හෙයින් එවැනි අවශ්‍යතාවයක් ඇති නොවනු ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.
ආරක්ෂක අංශ සහ රජය කෙරෙහි විශ්වාසය තබා ගැටුම්වලට මැදිහත් නොවී සන්සුන් වන ලෙසත් ජාතිවාදය අවුලුවන්නන්ට නොරැවටෙන ලෙසත් ඔහු සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම ගැටුම්වලට සම්බන්ධ පුද්ගයන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද යුද හමුදාපතිවරයා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
මේ අතර අද පස්වරු 08 සිට නැවතත් මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසන්නේ මහනුවර නගර සීමාව තුළ පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන බවයි. කෙසේ වෙතත් දිස්ත්‍රික්කය පුරා යම් සාමකාමී බවත් පෙනෙන්නට තිබෙන බවද ගුණසේකර මහතා පවසයි.
COMMENTS