මෙම දර්ශකය මගින් රටවල් 180ක්, රාජ්‍ය අංශය තුල පවතිනසංජානිත දූෂණ මට්ටම් අනුව ශ්‍රේණිගත කරයි. 2017 වසරේ ශ්‍රී ලංකාව 95 වන ස්ථානයේ සිට 91 වන...
මෙම දර්ශකය මගින් රටවල් 180ක්, රාජ්‍ය අංශය තුල පවතිනසංජානිත දූෂණ මට්ටම් අනුව ශ්‍රේණිගත කරයි. 2017 වසරේ ශ්‍රී ලංකාව 95 වන ස්ථානයේ සිට 91 වන ස්ථානය දක්වා ස්ථාන 4ක් ඉහළට ගොස් තිබුනද වඩාත් වැදගත් වන්නේ රටෙහි ප්‍රගතියෙහි මන්දගාමී බව නිරූපණය කරමින් එහි CPI ලකුණු සංඛ්‍යාව ඉහළට ගොස් ඇත්තේ 36 සිට 38 දක්වා ලකුණු දෙකකින් පමණක් වීමයි.
ජාත්‍යාන්තර දූෂණ විරෝධී ව්‍යාපාරයේ දේශීය සංවිධානය වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL), ශ්‍රී ලංකාවේ වත්මන් CPI ලකුණ සංඛ්‍යාව වන 38, එනම් 2014 වර්ෂයේදී පැවති තත්ත්වයම වීම පිළිබඳව කනස්සල්ලට පත්ව ඇත. 2017 දූෂණ සංජානනදර්ශකයේ දිවයිනේ කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් TISL හි විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පැවසූයේ "ශ්‍රී ලංකාවේ CPI මට්ටම 2012 සිට 2017 දක්වා විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව දූෂණ විරෝධී ආයතනයන්හි ආයතනික බලගැන්වීමක් සිදුවුවද ඒවා ක්‍රියාත්මක කිරීමෙහිලා පැවතෙන අසාර්ථක වීම් හේතුවෙන් සීමිත ප්‍රගතියක් පමණක් අත්කරගෙන තිබේ."
CPI ලකුණෙහි සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට පසුගිය වසර 5ක කාලයක තුල ශ්‍රී ලංකාව වසරින් වසර අසමත් වී ඇත; ලකුණු 6ක වැඩිවීමක් හෝ අඩුවීමක් සැලකිය යුතු වෙනසක් ලෙස සැලකේ. අසෝක ඔබේසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේ, "දූෂණ විරෝධී ව්‍යාපාරයේ ගම්‍යතාව ඉතා සීමිත බව පෙනී යයි. කසල එකතු කිරීමේ සිට පාසලකට දරුවන් ඇතුළු කිරීම දක්වා අත්‍යවශ්‍ය පොදු සේවා ලබා ගැනීමේදී පුරවැසියන් තවදුරටත් දූෂණයට මුහුණ දෙයි. රාජ්‍ය සේවය තුළ දූෂණ සංජානන දර්ශකයේ (CPI) සීමිත වෙනස, රජය සමඟ එදිනෙදා කටයුතු කිරීමේදී ජනතාව අත්දකින සීමිත වෙනස හා සමපාත වෙයි."
මහජන නියෝජිතයන්ගේ වත්කම් ප්‍රකාශ නිදහසේ ලබාගැනීමට පුරවැසියන්ට අයිතිය ලබා දීම වැනි ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සහ ජාතික විගණන පනත් කෙටුම්පත ද කැබිනට් සාකච්ඡා අවස්ථාවේදී ම නතර වීම නිලධාරී සහ දේශපාලන අධිෂ්ඨානයක් නොමැති වීම පෙන්නුම් කරයි.
ගෝලීය ව, නවසීලන්තය සහ ඩෙන්මාර්කය, CPI ලකුණු 89 හා 88ක් ලබාගෙන, පිළිවෙලින් පළමු හා දෙවන තැනට පත්වී ඇත. මෙම දර්ශකය, 0 සිට 100 දක්වා ලකුණු පරිමාණයක් භාවිතා කරන අතර 0 අධිකව දූෂිත ලෙසද 100 ඉතා පිරිසිදු ලෙසද සැලකේ. මෙම වසරේ දර්ශකයට අනුව රටවල් තුනෙන් දෙකකට වඩා ප්‍රමාණයක් ලකුණු 50 ට වඩා අඩුවෙන් ලබාගෙන ඇති අතර සාමාන්‍ය අගය 43 වේ. ශ්‍රී ලංකාවේ අගය වන 38, ආසියා-ශාන්තිකර කලාපයේ සාමාන්‍ය අගය වන 44ට වඩා බොහෝ පහළින් පිහිටයි. දකුණු ආසියා කලාපයේ(SAARC) සාමාජික රටවල් අතුරින් ලකුණු 67ක් ලබාගනිමින් භූතානය ඉදිරියෙන් සිටින අතර, ඉන්දියාව (40), ශ්‍රී ලංකාව (38), මාලදිවයින (33), පකිස්ථානය (32), නේපාලය (31), බංගලාදේශය (28) හා ඇෆ්ගනිස්ථානය (15) පිළිවෙළින් ලබාගෙන ඇත.
2017 CPI හි ගෝලීය දියත් කිරීම හා සමගාමීව නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් පැවසූයේ, ප්‍රතිඵල විශ්ලේෂණයකින් හෙළිවන පරිදි දූෂණ මට්ටම්, ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සහ සිවිල් සමාජ සහභාගීත්වය අතර සම්බන්ධතාවයක්පවතින බවයි. 2012 වසරේ සිට මරාදමනු ලැබූ ජනමාධ්‍යවේදීන් සියලුදෙනාම පාහේ පහල දූෂණ සංජානන දර්ශකයක් ඇති රටවල්වලින් වාර්තා වී ඇත. එම විශ්ලේෂණයට අනුව පසුගිය වසර 6 තුල මරාදැමුනු ජනමාධ්‍යවේදීන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම දූෂණසංජානන දර්ශකයේ ලකුණු 45ක් හෝ ඊට අඩුවෙන් හෝ ලබාගෙන ඇති රටවල් වලින් වේ. ඒ අනුව, සාමාන්‍යයෙන්, අධික දූෂිත රටවල් වල අවම වශයෙන් සතියකට එක් ජනමධ්‍යවේදියෙකුවත් මරාදමනු ලබා ඇත. මීට අමතරව, සෑම මියගිය ජනමාධ්‍යවේදීන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුම දූෂණයක් අනාවරණය කරමින් සිට ඇත. කණගාටුවට කරුණ වන්නේ, මින් බහුතර අවස්ථා වල යුක්තිය ඉටු නොවීමයි.
1995 වර්ෂයේ එහි ආරම්භයේ සිට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් හි ප්‍රධානතම ප්‍රකාශනය වන දූෂණ සංජානන දර්ශකය, රාජ්‍ය අංශයේ දූෂණය පිළිබඳව පවතින ප්‍රධානතම ගෝලීය දර්ශකය වෙයි. දර්ශකය, වාර්ෂිකව ලොව වටා රටවල් ශ්‍රේණිගත කිරීම මගින් දූෂණය පිළිබඳව සාපේක්‍ෂ අදහසක් ලබා දෙනු ලබයි.
වැඩිදුර විස්තර සඳහා http://ift.tt/2CbSYUs වෙත පිවිසෙන්න.
COMMENTS