දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රාජකීය වික්‍රමයෝ හෙවත් අලජ්ජී රෝයලිස්ට්ලාගේ කථා වස්තුව

රනිල් තුමා පකට පුඟුලාට හමුවුනේ කොළඹ රාජකීය විදුහල් බිමේ සක්මනක යෙදී සිටියදීයි. බෞද්ධ රාජ්‍යය පිහිටුවීමට මෙහි ආ මහේන්ද්‍ර හිමි මෙන් රාජ්‍...

රාජකීය වික්‍රමයෝ හෙවත් අලජ්ජී රෝයලිස්ට්ලාගේ කථා වස්තුව

රනිල් තුමා පකට පුඟුලාට හමුවුනේ කොළඹ රාජකීය විදුහල් බිමේ සක්මනක යෙදී සිටියදීයි.

බෞද්ධ රාජ්‍යය පිහිටුවීමට මෙහි ආ මහේන්ද්‍ර හිමි මෙන් රාජ්‍ය නායකයා ඇමතූ පකට පුඟුලා :

“අගමැති තුමනි, මේ කුමන ගසක් ද?”

“සියඹලා ගසකි ස්වාමීනි”

“රනිල කිව, මේ ගස හැරෙන්නට තවත් සියඹලා ගස් තිබේ ද?”

“තව සියඹලා ගස් සහසකි ස්වාමීණී”

“ඒ සහසක් ගස් හැරුණු විට වෙනත් සියඹලා ගස් තිබේද රනිල්?”

“ඇයි මේ ගස ස්වාමීණී”.

“අපට සෙවන දෙන මේ ගස පිටුපස පිහිටි රතු ගඩොලින් නිම කළ ගොඩනැගිල්ල කුමක්ද රනිල්?

“මතක නෑ ස්වාමීණි”

රාජකීය විදුහල් ක්‍රීඩා පිටිය කෙළවර පිහිටි දැවැන්ත සියඹලා රුක යට වාඩිවී අත ගා ගන්නට කිරි පල්ලක් සොයමින් සිටි අකැමැතිතුමා ගෙන් පකට පුඟුලා කළ ප්‍රශ්න විමසීමෙන් වික්ෂිප්තයට පත් එතුමා හිස කසමින් පන්ති කාමර පැත්තට යනු පෙනුනි.

1835 සිට මේ දක්වා රටේ සිදුවූ හොඳ ට මෙන්ම නරකට නායකත්වය දුන්නේ රාජකීයෝ බව සිහිවෙද්දී පකට පුඟුලාට සිදුහත් බිලිඳා දුටු කොන්ඩඤ්ඤ බ්‍රාහ්මණයාට මෙන් එකවර හඬන්නටත් සිනාසෙන්නටත් සිත් වෙද්දී දැකලා පුරුදු මුණක් පෙනී “දිස්කේ අම්මට දිස්කේ” කියවුනේ නොහිතා නොමතා මය.

දැක්කේ ෆේස් බුකයේ වුනත් ඩයල් එක සුවර් ය.

“උස්වුනු කන්දයි නොනැමෙන කොන්දයි අපෙ රනිල්! රනිල්!! ගීතය මඳ පවනේ රැව් දෙනු ඇසෙද්දී ඉදිරියට එමින් සිටි ඔසරියකින් සැරසුණු කාන්තාවයි පකට පුඟුලා ගේ ඇස ගැටුණේ. ඇමැති හුවමාරුවී මංගල (මැන්ගී ඉනසන්ස්) රවිට තොත්තු දෙද්දී අන්තර්ජාලය පුරා වයිරල් වුනු දෙන්නම රෝයල් නෝ ප්‍රොබ්ලම් කිවූ රාජකීය මාතාවයි මේ.

“කොහොමද රෝයලිස්ට් ලා? රවී, මංගල, රනිල් එහෙම?”

“කවුද?”

“ මංගල රවී දෙන්නම රෝයලිස්ට්ල කියල කිව්වේ?”

“අනේ මතක නෑනේ”

“හස්බන්ඩ් පුතා එහෙම රෝයල් කිව්වේ! රෝයලිස්ට් ලා හරියට වැඩේ කරාවි කිව්වේ ...........”

“ මං කිව්වද ............ දන්නෙ නෑ දැන ගත්තත් මතක නෑනේ ”

“එතකොට ඔහේගෙ අම්ම මතක් වෙන්නෙ එහෙම නැද්ද?

“නෑ නේ”

“හ්ම්ම් .... මට නං මේ දැනුත් මතක් වුණා!”

සියඹලා ගහට එහා පැත්තේ පන්ති කාමරයක් ඇතුලේ රන්වන් සහ නීල දෙවර්ණ ඉරි සහිත ටයි පටියක් පැළඳ සිටි තරබාරු කොලු ගැටයෙක් මහා හඬින් සිනා සෙමින් ඉල්ලා අස්වීමේ ලිපිය ලියමින් සිටිනු දුටු පුගුලා;

“හේ! යු බගර් රවී, ඒ කාලේ හිටපු ප්‍රින්සිපල් ගේ නම මතකද?”

“ඔව් මචං, කඩලේ”

“ඒ ඉස්කෝලේ හිටපු කඩල කාරයනේ?”

‘ආ! ඇත්තද? අපි එයාට බොන්ඩ් ටිකක් දෙමුද? ගනීද දන්නෙ නෑ”
රවීගේ අම්මාද මතකයට නැගෙමින් බුර බුරා නැගෙන කෝපයෙන් විදුහල් ශාලාව දෙසට ගිය පුඟුලාට දකින්නට ලැබුණේ ශාලාවේ බිත්ති පුරා දිස්වුනු වර්තමානයේ මෙන්ම අතීතයේද රටේ වමත් දකුණත් මෙහෙයවූ රාජකීය ආදී ශිෂ්‍ය රූපපෙළයි.

අනගාරික ධර්මපාල, ජෝන් කොතලාවල, ජේ ආර් ජයවර්ධන, ලලිත් ඇතුලත්මුදලි, ලංකා සමසමාජ පක්ෂයේ කොල්වින් ආර් ද සිල්වා, ශ්‍රී ලංකාවේ කොමුයුනිස්ට්ස් පක්ෂයේ පීටර් කේනමන් වැනි වමේ පුරෝගාමීන්, පොන්නම්බලම් රාමනාදන්, රවුෆ් හකීම්, දිනේෂ් ගුණවර්ධන වැනි ජාතිකවාදී නායකයන් පමණක් නොව ජාතික චින්තනයේ සම පීතෘ නලින් ද සිල්වා ආචාරිය තුමාත් රෝයලිස්ට්ලා ය.

රනිල්ට, රවිට, මංගලට, මලික්ට, සාගලට, ගයන්තට පමණක් නොව අර්ජුන් මහේන්ද්‍රන් ටද රාජකීය විදුහල් ගීතය මතක බව පුඟුලාට ෂුවර් ය.

“ ..... ලර්න්ට් ඔෆ් බුක්ස් ඇන්ඩ් මෙන් ඇන්ඩ් ලර්න් ටු ප්ලේ ද ගේම්ස්”. ගීතයේ “ගේම්ස්” කියන්නේ පාපන්දු, ක්‍රිකට් වැනි ක්‍රීඩා මිස මහජන මුදලින් අපේ රාජකීයයෝ ගහන ගේම් නොවන බව නම් පුඟුලාට ෂුවර්ය.

මේ අතරේ සියඹලා ගහ සෙවනේ ඇඹරෙමින් සිටි පිරිසක් අනිමිසලොචනයෙන් ගස දෙස බලා සිටි. කිලී මහාරාජා, මනෝ තිත්තවැල්ල, නිහාල් ඈපා, ජීවක එදිරිසිංහ, ටිරාන් අලස්, ශාන් වික්‍රමසිංහ, රංජිත් විජේවර්ධන, සමන් අතාවුදහෙට්ටි ඇතුළු මාජ්ජ ආයතන මෙහෙයවන රාජකීය ලොක්කෝ මෙලෙස එකිනෙකා ගේ නාභිය දෙස
ඔරවිමින් සිටීයේ රාජකීය ආකාරයෙනි.

ආණ්ඩුව, පොලීසිය, ත්‍රිවීධ හමුදාව, ජන මාධ්‍යය, ආර්ථිකය, බැංකු, අධ්‍යාපනය, අධිකරණය මෙන්ම පාතාලය ඇතුළු මෙකී නොකී සියල්ල ඍජුව හෝ වක්‍රාකාරයෙන් දශක හතකට වැඩි කලක සිට මෙහෙයවන්නේ රාජකීයයන් බව පකට පුඟුලාට පසක් වුණේ තුන් ඉරියව්වෙන්ම තොරව බිමට වැටෙමින් සිටියදීය

රාජකීය නොවන අපේ ගේම් ඇමතිතුමා නොදන්නා ලතින් කියන්නට ගොස් දිව පටලවා ගත් අවස්ථාවේ අමුඩ කඩාගෙන හුරේ දැමූ රාජකීයයෝ තම ගමන් සගයන් පෝලිමේ බැඳුම් කර කොමිසමේ කට උත්තර සටහනට යද්දී කසාය බුන් ගොළුවෝ මෙන් වට පිට බලන්නේ තමන්ගේ රාජකීය අමුඩයේ මලපහ කළ පිටස්තරයෝ සොයමිනි.

මහා බැංකුව කොල්ලකෑ අර්ජුන මහේන්ද්‍ර ට පසු මහ බැංකු අධිපති පදවි ප්‍රාප්ත ඉන්ද්‍රජිත් කුමාරස්වාමිත් රාජකීය ආදි වාසියෙක් වීම අහඹුවක් නොවේ.

නිතර නොගැයෙන (බොහෝ ආදී ශිෂ්‍යයන් පවා නොදන්නා) සිංහල ගීයක් රාජකීය විදුහලට තිබේ.

“පුන් සඳේ සිරි දිනූ රන් පුතුන් බිහි කෙරූ
රාජකීය විදුහල සිරි නංවමු
හොබවමු ලකඹරේ”

යහපාලිත ජනතාවට කොකා පෙන්නා රාජකීය පොරවල් හොබවන්නේ කුමක්ද යන්න දන්නේ පොළොන්නරුවේ මහා සිරිසෙන් රජ තුමා පමණක්මය.

රාජකීය ආදී සිසුවන් රටට වින කරමින් විදුහල් මාතාව නිගාවට ලක් කරත්, කළ වැරදි පිළි ගෙන නියම රාජකීයයන් ලෙස හැසිරෙන ගෞරවනීය ආදී ශිෂ්‍ය විරුවන් ගේ හිඟය අභාග්‍යයකි.

රටේ මහජන මුදල් ගසා කා අතටම මාට්ටු වෙද්දී, බිග් මැච් එක පැරදෙද්දී මෙන්; “වට්ස් ද මැටර් මයිනර් මැටර්, ආ වී වොරිඩ්? නෝ! නෝ!!” කියා ඇඟ බේරාගන්ට ගන්නා උත්සාහය ආත්ම ගරුත්වයක් ඇති නියම රෝයලිස්ට් ලාට කළ නොහැකි පජාති බගර් ලාගේ පට්ට පාහර වැඩක් බව පකට පුඟුලාට හැඟෙයි.

කළ වැරදි වසා වැරදි කරුවන් ආරක්ෂා කිරීම රාජකීය පිළිවෙතට පටහැනි බවද නොකියා නොහැක.

“එම්බා පකට පුඟුල, මේ විදුහලින් බිහිවී සිටින්නේ හොර දේශපාලක රාජකීය තක්කඩි බගර්ස් ලා පමණක් ද?”

“තවත් නොයෙක් මාදිලියේ ගරු බුහුමන් ලැබිය යුතු ඒත් තම සගයන් විවේචනය නොකරන උතුම් වුනත් නිහඬ රාජකීය බගර්ස්ලා සහසකි ස්වාමීණී”

“ඒ බගර්ස් ලාත් මේ බගර්ස් ලාත් හැරුණු විට තවත් රාජකීයයන් සිටිත්ද, පුඟුල?”

“සිටිත් ස්වාමිණී”

“කියව, ඒ ද්‍රෝහී රාජකීය බගරයා කවරෙක් වේද?”

“පකට පුඟුලා වන මමය ස්වාමීණි”

සබැඳි සටහන්

පකට පුඟුල් තාත්තා - චතුර පුතා පොතක් ලියයි!

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජකීය වික්‍රමයෝ හෙවත් අලජ්ජී රෝයලිස්ට්ලාගේ කථා වස්තුව
රාජකීය වික්‍රමයෝ හෙවත් අලජ්ජී රෝයලිස්ට්ලාගේ කථා වස්තුව
http://ift.tt/2FbwG3t
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_384.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_384.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy